ශ්‍රී ලංකා චෙස් සම්මේලනය සංවිධානය කළ සමස්ත ලංකා පාසල් කණ්ඩායම් චෙස් තරගාවලියේ 20 න් පහළ වයස් කාණ්ඩයේ ශූරතාව කොළඹ ආනන්ද විද්‍යාලය විසින් දිනා ගන්නා ලදී. ආනන්ද විද්‍යාලය මෙම තරගාවලියේ 20 න් පහළ වයස් කාණ්ඩයේ ශූරතාව පිට පිටම දිනා ගත් සිවුවැනි අවස්ථාව මෙය වේ.
ගල්කිස්ස විද්‍යා විද්‍යාලයේදී පැවැති මෙවර තරගාවලියේ අනුශූරතාව මහනුවර කිංග්ස්වුඞ් විද්‍යාලය හිමිකරගත් අතර මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය තෙවැනි ස්ථානය ලැබීය.
20 න් පහළ චෙස් ශූරතාව දිනාගත් ආනන්ද විද්‍යාලයීය කණ්ඩායම
ඉදිරිපෙළ වමේ සිට:
ප්‍රසන්න කුරුකුලසුරිය මහතා (පුහුණුකරු), ජගත් අල්විස් මහතා (ක්‍රීඩා භාර ආචාර්ය), දිනුල් දොලූවීර (නායක), කිත්සිරි ලියනගමගේ මහතා (විදුහල්පති), සුසන්ත කරදන (චෙස් භාර ආචාර්ය), සරත් ගුණතිලක මහතා (නියොජ්‍ය විදුහල්පති, සුපුන් කුරුප්පු (උප නායක)
පසුපෙළ වමේ සිට:
ක්රිෂ්ණ රාහුල්, මෝජිත ගුණරත්න, දිනිදු ඉලූක්පිටිය, කවීෂ් ජයසුරිය සහ චතුලංක ගමගේ
- 090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.