Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports 17න් පහළ ශූරතාව සාන්ත තෝමස්ට

17න් පහළ ශූරතාව සාන්ත තෝමස්ට

ශනුක අරවින්ද - 2016 මාර් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් කි‍්‍රඩාංගණයේදී පැවැති සමස්ත ලංකා වයස 17 න් පහළ ‘ඒ’ කාණ්ඩයේ පැසිපන්දු තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සමත් විය.

අවසන් මහ තරගයේදී ලකුණු 65-54 ක් ලෙස වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල පරාජය කරමින් ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල එම ශූරතාවට හිමිකම් කීවේය. තරගයේ පළමු අර්ධය නිමා වනවිට ලකුණු 34-25 ක් ලෙස පෙරමුණ ගෙන සිටියේද සාන්ත තෝමස් විදුහලයි.

සාන්ත තෝමස් විදුහල වෙනුවෙන් යසින් දීමන්ත සහ ශේනුක කස්තුරිආරච්චි ලකුණු 18 බැගින්ද, ශෙවාන් පෙරේරා ලකුණු 16 ක්ද ලබාගත් අතර ලයිසියම් ජාත්‍යන්තර පාසල වෙනුවෙන් නිමේෂ් කුලතුංග ලකුණු 19 ක්ද, එවැන්ජලෝ මාරියෝ ලකුණු 15 ක්ද ලබාගත්හ.

සාන්ත තෝමස් විදුහලේ ශේනුක කස්තුරිආරච්චි තරගාවලියේ දක්ෂතම ආරක්ෂාකාරී කී‍්‍රඩකයා ලෙසත්, ලයිසියම් ජාත්‍යන්තර පාසලේ නිමේෂ් කුලතුංග දක්ෂතම ආක‍්‍රමණශීලී කී‍්‍රඩකයා ලෙසත් සම්මාන දිනාගත් අතර සාන්ත තෝමස් විදුහලේ ශෙවාන් පෙරේරා තරගාවලියේ වටිනාම කී‍්‍රඩකයා බවට පත්විය.

තරගාවලියේ තෙවැනි ස්ථානය තෝරා ගැනීම සඳහා පැවැති තරගයේදී ලකුණු 37-33 ක් ලෙස මරදාන ශාන්ත ජෝෂප් විදුහල පරාජය කිරීමට කොළඹ රාජකීය විදුහල සමත් විය. එම තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 17-15 ක් පෙරමුණ ගෙන සිටියේ ශාන්ත ජෝෂප් විදුහලයි.

 

- 036


අදහස් (0)

17න් පහළ ශූරතාව සාන්ත තෝමස්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.