සමස්ත ලංකා අන්තර් පාසැල් වයස අවුරුදු 16 න් පහළ බාලක බාලිකා හොකි තරගාවලියේ බාලක සම ශූරතාව වෙන්නප්පුව සාන්ත ජෝශප් වාස් විදුහල හා මහනුවර විද්‍යාර්ථ විදුහල විසින් හිමිකරගන්නා ලදහ. බාලිකා සම ශූරතාව කටුගස්තොට සාන්ත අන්තෝනි බාලිකා විදුහල හා මහනුවර සීතාදේවි බාලිකා විදුහල විසින් දිනා ගන්නා ලදහ.
වෙන්නප්පුව ශ්‍රීමත් ඇල්බට් ඇෆ් පීරිස් ක්‍රීඩාංගණයේ ඉකුත් සති අන්තයේදී පැවති මෙම හොකි තරඟාවලියේ බාලක තෙවන ස්ථානය කොළඹ රාජකිය විදුහලටත් බාලිකා තෙවන ස්ථානය වෙන්නප්පුව ශුද්ධවු පවුලේ බාලිකා විදුහලටත් හිමි විය.
තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස වෙන්නප්පුව සාන්ත ජෝශප් වාස් විදුහලේ අමිදු පෙරේරා තේරී පත්විය. දක්ෂතම ක්‍රීඩිකාව ලෙස මහනුවර සීතාදේවි බාලික විදුහලේ රෝෂිනි රාජපක්ෂ සම්මාන ලැබුවාය.
හොඳම ගෝල රකින්නා ලෙස මහනුවර විද්‍යාර්ථ විදුහලේ අවිශ්ක වලල්ලාවිටත් ගෝල රකින්නිය ලෙස කටුගස්තොට සාන්ත අන්තෝනි බාලිකා විදුහලේ හංසනි එල්ලාවලත් සම්මාන හිමිකර ගත්හ.
ශ්‍රී ලංකා හොකි සම්මේලනයේ සභාපති හිටපු නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ සහ මැක්ස්සිස් ආයතන්යේ අධ්‍යක්ෂිකා සචි පෙරේරා යන මහත්ම මහත්මින්ගේ ප්‍රධානත්වයෙන් ජය සංකේත පිරිනැමිණි.
තරගාවලිය මැක්සිස් ආයතනයේ අනුග්‍රහයෙන් පැවැත්විණි.
බාලක සම ශූරතාව දිනාගත් ජෝශප් වාස් විදුහල හා විද්‍යාර්ථ විදුහල
බාලිකා සම ශූරතාව දිනාගත් සීතාදේවි බාලිකා විදුහල හා සාන්ත අන්තෝනි බාලිකා විදුහල
බාලක සමශූරතාව ලබාගන්නා ජෝශප් වාස් හා විද්‍යාර්ථ විදුහල
බාලිකා සම ශූරතාව ලබා ගන්නා සීතාදේවි විදුහල හා සාන්ත අන්තෝනි විදුහල
ඡායාරූප - නයිනමඩම චන්දන ප්‍රනාන්දු
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.