ශ්‍රී ලංකා පාසල් හොකී සංගමය විසින් මෙහෙයවනු ලබන සමස්ත ලංකා වයස අවුරුදු 16න් පහළ බාලක බාලිකා හොකී තරගාවලිය මෙම මස 21 සිට 24 දක්වා වෙන්නප්පුව ඇල්බට් එෆ් පීරිස් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
මෙම තරගාවලිය මීට පෙර පැවැත්වීමට පාසල් හොකී සංගමය විධිවිධාන යොදා තිබෙන නමුදු අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ප්‍රමාද වීම හේතුකොට ගෙන තරගාවලිය මේ දක්වා පැවැත්වීමට නොහැකි වූ බව ශ්‍රි ලංකා පාසල් හොකී සංගමයේ ලේකම් අනුරුද්ධ හේරත් බණ්ඩාර මහතා පවසයි. මේ අතර තරගාවලිය සඳහා කඩිනමින් අයැදුම්පත් කැඳවීමට පාසල් හොකී සංගමය විධිවිධාන යොදා ඇති අතර මෙම මස 19 වැනිදා දක්වා අයැදුම්පත් බාරගන්නා බව ලේකම්වරයා පවසයි.
තරගාවලියේ අයැදුම්පත් මෙම 19 වැනිදාට පෙර අනුරුද්ධ හේරත් බණ්ඩාර මහතා, ලේකම්, ශ්‍රී ලංකා පාසල් හොකී සංගමය, විජව විදුහල, මාතලේ යන ලිපිනයට යොමුකළ යුතුය. සියලු විමසීම් 0719059933 සහ 07727976
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.