ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමය සංවිධානය කරන ‘බේලිස්’ ශ්‍රී ලංකා විවෘත ගොල්ෆ් ශූරතාවලිය මේ මස 31 වැනිදා සිට පෙබරවාරි මස 5 වැනිදා දක්වා කොළඹ රාජකීය ගොල්ෆ් කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
මෙම තරගාවලියට තරගකරුවන් 120 කට ආසන්න සංඛ්‍යාවක් සහභාගි වනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවත්, යම් හෙයකින් තරගකරුවන් සංඛ්‍යාව බලාපොරොත්තු වන ප‍්‍රමාණයට වඩා ඉහළ ගියහොත් තරගාවලියට ආරම්භ කිරීමට පෙර සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියක් පැවැත්වීමට සිදුවන බවත් තරගාවලිය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමයේ සභාපති නිමල් පියරත්න මහතා පැවසීය.
සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියක් පැවැත්වීමට අවශ්‍ය වුවහොත් එය පෙබරවාරි මස 1 වැනිදා පවත්වන බවත්, එවැන්නක් පැවැත්වීමට අවශ්‍ය වූයේ නැතිනම් එම දිනය කි‍්‍රඩකයන්ට පුහුණුවීම සඳහා ලබාදෙන බවත් පියරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේය.
ප‍්‍රධාන තරගාවලිය පෙබරවාරි මස 2 වැනිදා සිට 5 වැනිදා දක්වා ‘ස්ට්‍රොක් ප්ලේ’ ක‍්‍රමයට අනුව පැවැත්වෙන බවද, එහිදී ජයග‍්‍රහකයන් අතර බෙදා දීමට නියමිත මුදල රුපියල් ලක්ෂ 25 කට වඩා වැඩි බවද ඔහු සඳහන් කළේය.
මෙවර තරගාවලියට සහභාගී වන කී‍්‍රඩකයන් අතුරින් ප‍්‍රධාන තැනක් ගන්නා ආර්. ඒ. රෝහණ, මේ වන විට ශ්‍රී ලංකා විවෘත ගොල්ෆ් ශූරතාව 6 වරත් ජයගෙන ඇති අතර ඔහු, එම ශූරතාව 7 වරක් ජයගෙන ඇති ප‍්‍රවීන ගොල්ෆ් කී‍්‍රඩක නන්දසේන පෙරේරාගේ වාර්තාව සම කිරීමට ඉතා අසන්නයේ පසුවෙයි.
මෑතකදී පැවැති ජාතික ආධුනික ගොල්ෆ් තරගාවලියේ ශූරතාව දිනාගත් එන්. තංගරාජා, ඉන්දිය වෘත්තීය ගොල්ෆ් තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ලලිත් කුමාර සහ විජිත බණ්ඩාර යන කී‍්‍රඩකයෝද මෙම තරගාවලියේ ශූරතාව දිනාගනීම සඳහා තියුණු සටනක නිරත වනු ඇත.
බේලිස් එන්ටර්ටේට්මන්ට් ආයතනය තරගාවලිය තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස කටයුතු කරයි.
බේලිස් එන්ටර්ටේට්මන්ට් ආයතනයේ සාමාන්‍යාධිකාරි එම්. එස්. ආර්. හමීන් මහතා විසින් ශ්‍රී ලංකා ගොල්ෆ් ගොල්ෆ් සංගමයේ සභාපති නිමල් පියරත්න මහතාට අනුග‍්‍රාහක චෙක්පත පිරිණමන ලද අයුරු... සංවිධායක කමිටුවේ සභාපති පි‍්‍රයාත් ප‍්‍රනාන්දු (වමේ) සහ බේලිස් එන්ටර්ටේට්මන්ට් ආයතනයේ අළෙවි කලමනාකරු ටේල්ස් ලෝයි (දකුණේ) යන මහත්වරුද මෙහි වෙති.
ඡායාරූපය - ශානුක අරවින්ද
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.