කොළඹ අසරණ සරණ සමිතිය වාර්ෂිකව සංවිධානය කරන ජායිපූර් ආයතනයේ කෘතිම පාද, කෘතිම අත් සහ කැලිපර්ස් උපකරණ පළඳින්නන්ගේ කී‍්‍රඩා උළෙල වන ‘එඩෙක්ස්’ කී‍්‍රඩා උළෙල මේ මස 12 වැනිදා කොළඹ කැම්බල් පෙදෙස වෙස්ලි විද්‍යාලයීය කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
එදින පෙරවරු 9.00 ට කාන්තා සහ පිරිමි පාපැදි තරග දෙකකින් ආරම්භ වන මෙම කී‍්‍රඩා උත්සවය, රෝද පුටු තරගයෙන් අවසන් වේ. ජවන හා පිටිය කී‍්‍රඩා ඇතුළු ඉසව් 57 කින් සමන්විත මෙම තරගාවලියට දුන්නෙන් විදීමේ තරගද ඇතුළත් වේ.
ශ්‍රී ලංකාවේ සෑම දෙසින්ම පැමිණෙන අයැදුම්කරුවන් සඳහා කොළඹ අසරණ සරණ සමිතිය මගින් පාලනය වන නේවාසිකාගාරයේ නොමිලේ ආහාර පාන සහ ඉඳුම් හිටුම් පහසුකම් සලසා ඇත.
මෙවර තරගාවලියට සහභාගී වන සියලූ දෙනා සඳහා ඩිල්මා තේ සමගමෙන් බැනියම් සහ හිස්වැසුම් පිරිනැමේ. උදෑසන ආහාරය පෙරේරා සහ පුත‍්‍ර සමාගම වෙතිනි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.