එලීට් ෆුට්බෝල් ලීග් ඉන්දියාහි ශ්‍රී ලංකා ශාඛාව තෙවැනි වරට සංවිධානය කරන ‘එස්.ඒ.ජී.ටී.’ කුසලාන අන්තර් විශ්වවිද්‍යාල ‘ෆ්ලෑග් ෆුට්බෝල්’ තරගාවලිය කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී හෙට සහ අනිද්දා (4 සහ 5) පැවැත්වේ.
පෙරවරු 8.30 ට තරග ආරම්භ වන අතර කුසලාන ශූරතා අවසන් මහ තරග ඉරිදා පස්වරු 5.00 ට ආරම්භ වීමට නියමිතය.
‘ෆ්ලෑග් ෆුට්බෝල්’ යනු ලෝක ප‍්‍රචලිත ක‍්‍රීඩාවක් වන ඇමරිකන් ෆුට්බෝල් ක‍්‍රීඩාවේ ප‍්‍රාථමික අවස්ථාව වන අතර මෙය 2011 වසරේ දකුණු ආසියාවට හදුන්වා දුන්නේය. ශ්‍රී ලංකාවේ පළමු ‘ෆ්ලෑග් ෆුට්බෝල්’ තරගාවලිය 2012 වසරේ පැවැත්විණි.
මෙවර තරගාවලියට විශ්වවිද්‍යාල කණ්ඩායම් 20 ක් සහභාගි වන අතර පළමු වටය කණ්ඩායම් පහ බැගින් ලීග් ක‍්‍රමයට පැවැත්වෙන අතර එහි ප‍්‍රතිඵල අනුව කුසලාන, පළඟ, බදුණ සහ පළිහ යන ශූරතා තරග පැවැත්වේ.
එලීට් ෆුට්බෝල් ලීග් ඉන්දියාහි ශ්‍රී ලංකා ශාඛාවේ අධ්‍යක්‍ෂ ප‍්‍රවීණ රග්බි විනිසුරු ඩිල්රෝයි ප‍්‍රනාන්දු මහතා පැවසුවේ ශ්‍රී ලංකාවේ ‘ෆ්ලෑග් ෆුට්බෝල්’ ක‍්‍රීඩාව ශ්‍රී ලංකාව තුළ මේ වන විට ව්‍යාප්ත වෙමින් පවතින බවයි.
‘‘අපි පළමුවෙන්ම මෙම ක‍්‍රීඩාව විශ්වවිද්‍යාලවලට හදුන්වා දුන්නා. දැන් අපි පෞද්ගලික පාසල්වලට හදුන්වාදීමේ වැඩසටහනක් ක‍්‍රියාත්මක තර තිබෙනවා. රජයේ පාසල්වලට හදුන්වාදීමට ළගදීම සාකච්ඡුා කරනවා’’ යැයි ප‍්‍රනාන්දු මහතා වැඩි දුරටත් පැවසීය.
මෙම තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රහකයා ලෙස සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල්ස් ආයතනය කටයුතු කරයි.
![]() සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල්ස් ආයතනයේ වෙළෙඳ ප‍්‍රධානී ටෙඞ් මුත්තයියා මහතා විසින් එලීට් ෆුට්බෝල් ලීග් ඉන්දියාහි ශ්‍රී ලංකා ශාඛාව අධ්‍යක්‍ෂ ඩිල්රෝයි ප‍්‍රනාන්දු මහතාට අනුග‍්‍රහය නිල වශයෙන් ප‍්‍රධානය කරන ලද අවස්ථාව. සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල්ස් ආයතනයේ වෙළෙඳ සහ අළෙවි කළමණාකාරිනි ධෂ්මා කරුණාරත්න මහත්මියද ඡායාරූපයේ සිටී. (ඡායාරූපය: නිලාන් මාලිගැස්ප) |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.