Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports හොකී ශූරතාව සී. එච්. සහ එෆ්. සී. ට

හොකී ශූරතාව සී. එච්. සහ එෆ්. සී. ට

සංජය එරමුදුගොඩ - 2016 ඔක් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළෙඳ සේවා හොකී තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ ශූරතාව දිනාගැනීමට සී. එච්. සහ එෆ්. සී. කණ්ඩායම සමත් විය. කොළඹ, ටොරින්ටන්හි ඇස්ට්‍රෝ කෘතිම හොකී ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහ තරගයේදී දඬුවම් පහර 4-3 ක් ලෙස ආදි ආනන්දීය කණ්ඩායම පරාජය කරමින් සී. එච්. සහ එෆ්. සී. ක්‍රීඩකයෝ එම ශූරතාවට හිමිකම් කීහ.

තරගයේ පළමු අර්ධය නිමාවන විට දෙපිලම එක් ගෝලය බැගින් ලබා සිටි අතර ආදි ආනන්දීය කණ්ඩායම වෙනුවෙන් 18 වැනි මිනිත්තුවේදී හසිත ලක්රුවන්ද, සී. එච්. සහ එෆ්. සී. කණ්ඩායම වෙනුවෙන් 24 වැනි මිනිත්තුවේදී ඩන්කන් දේවේන්ද්‍රද ගෝල ලබාගත්හ.

දෙවැනි අර්ධයේදී ගෝල ලබාගැනීමට අපොහොසත් වූ බැවින් තරගයේ නියමිත කාලය අවසන් වන විට 1-1 ක් ලෙස කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසු විය.

අනතුරුව තරගයේ ජයග්‍රාහකයා තෝරාගැනීම සඳහා දඩුවම් පහර ලබාදීමට විනිසුරුවන් තීරණය කළ අතර දඩුවම් පහර 5 න් 4 ක් සාර්ථක කරගත් සී. එච්. සහ එෆ්. සී. කණ්ඩායම තරගයේ ජය තමන් සතුකර ගත්තේය. ආදි ආනන්දීය කණ්ඩායමට එහිදී සාර්ථක කරගත හැකිවූයේ දඩුවම් පහර 3 ක් පමණි.


- 036

 


අදහස් (0)

හොකී ශූරතාව සී. එච්. සහ එෆ්. සී. ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.