Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports හොකී පුහුණුවීම් 24 දා සිට

හොකී පුහුණුවීම් 24 දා සිට

ශනුක අරවින්ද - 2016 මැයි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාතික හොකී පුහුණු සංචිතයේ (පිරිමි) පුහුණුවීම් මේ මස 24 වැනිදා කොළඹ කෘති‍්‍රම හොකී ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වේ. ක‍්‍රීඩා අමාත්‍යංශයේ අනුග‍්‍රහයෙන් සංචිතයේ සිටින ක‍්‍රීඩකයන් 25 දෙනාට නේවාසික පුහුණුව ලබා දීමට කටයුතු යොදා ඇතැයි ජාතික හොකී පුහුණුකරු අනුරුද්ධ හේරත් බණ්ඩාර මහතා පැවසීය. ඉදිරියේදී තේරීම් තරග මගින් යොවුන් ක‍්‍රීඩකයන් සංචිතයට ඇතුළත් කිරීමට ද සැලසුම් කර තිබේ.

පසුගියදා සිංගප්පුරුවේ පැවැති ලෝක ලීග් හොකී තරගාවලියේ (I වැනි කොටසේ) අනුශූරතාව දිනා ගනිමින් ශ‍්‍රී ලංකා පිරිමි හොකී කණ්ඩායම දස්කම් දැක්වීය.

නොවැම්බර් මස හොංකොං’හි පැවැත්වෙන ආසියානු හොකී සම්මේලන කුසලාන තරගාවලිය මෙන්ම ලබන වසරේ ජනවාරී මස මැලේසියාවේදී පැවැත්වීමට නියමිත ලෝක ලීග් හොකී II කොටසේ තරගාවලියට සහභාගිවන ශ‍්‍රී ලංකා පිරිමි හොකී කණ්ඩායම මෙම සංචිතයෙන් තෝරා ගැනේ.
   

 


අදහස් (0)

හොකී පුහුණුවීම් 24 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.