Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports හොකී ජූරියේ සභාපති සුමිත්

හොකී ජූරියේ සභාපති සුමිත්

ශනුක අරවින්ද - 2016 ජන මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාවේ ඇසෑම්හිදී ලබන පෙබරවාරි මස 5 වැනිදා ආරම්භ වන 12 වැනි දකුණු අසියානු ක‍්‍රීඩා උළෙලේ හොකී තරගාවලියේ ජූරියේ සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ සභාපති නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ මහතා පත්කර තිබේ.

ආසියානු හොකී සම්මේලනය මෙම පත්කිරීම පිළිබදව ජාතික ඔලිම්පික් කමිටුවට නිලවශයෙන් දැනුම්දී ඇති බව වාර්තා වේ.

ජාත්‍යන්තර හොකී තරගාවලියකදී ශ්‍රී ලාංකිකයකුට මෙවැනි උසස් තනතුරක් ලැබූ පළමු අවස්ථාවද මෙය වේ. ඉන්දියාව සහ පාකිස්තානය වැනි ප‍්‍රබල රටවල් මෙම තරගාවලියට සහභාගි වී සිටියදී ජූරියේ සභාපති ධූරය ශ්‍රී ලංකාවට හිමිවීම කැපී පෙනේ.

එදිරිසිංහ මහතා මීට පෙර 2006 (කටාර්), 2010 (චීනය) සහ 2014 (දකුණු කොරියාව) වසරවල පැවැති ආසියානු ක‍්‍රීඩා උළෙලවල හොකී තරගාවලියේ ජූරියේ සාමාජිකයකු ලෙසද කටයුතු කර තිබේ. ඒ මහතා 2002 වසරේ සිට ආසියානු හොකී සම්මේලනයේ විවිධ තනතුරු ද දරා ඇති අතර මේ වන විට එහි අධ්‍යක්‍ෂකවරයකු ලෙස කටයුතු කරයි.

කැලණිය විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබද උපාධිධාරියකු වන එදරිසිංහ මහතා සමාජ විද්‍යාව පිළිබ`ද සහ රාජ්‍ය කළමනාකරණය පිළිබද පශ්චාත් උපාධිය හදාරමින් සිටියි.

 


අදහස් (0)

හොකී ජූරියේ සභාපති සුමිත්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.