Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports හෙල්ල විසිකිරීමේ ශූරීය නදීකා හෙට තරග බිමේ

හෙල්ල විසිකිරීමේ ශූරීය නදීකා හෙට තරග බිමේ

දිලිනි මල්රුක්ෂි - 2014 සැප් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු කොරියාවේ ‘ඉංචියොන්’ නුවරදී පැවැත්වෙන XVII වැනි ආසියානු ක‍්‍රීඩා උළෙලේ 13 වැනි දිනය වන හෙට (01) ශ‍්‍රී ලංකාව පදක්කම් බලාපොරොත්තු තබා සිටින හෙල්ල විසිකිරීමේ ශූරි නදීකා ලක්මාලි තරගයට සහභාගි වන්නීය.

නදීකා සහභාගි වන තරගය හෙට රාත‍්‍රී 8.10 ට හෙවත් ශ‍්‍රී ලංකා වේලාවෙන් පස්වරු 4.40 ට ඉංචියොන් ප‍්‍රධාන ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

ග්ලාස්ගෝ නුවරදී පසුගිය ජූලි මස පැවැති පොදු රාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළෙලේදී නදීකා මීටර 59.04 ක දුරක් වාර්තා කිරීමට සමත් වූවාය. ඇය මෙම ක‍්‍රීඩා උළෙලේදී එම දස්කම් අතරට පැමිණිය හොත් මෙහිදී පදක්කමකට ලගා වීමේ අවස්ථාව තිබේ.

රුසියාවේ මොස්කව් නුවරදී පසුගිය වසරේ (2013) ජූලි මස පැවැති 14 වැනි ලෝක ශූරතා මලල ක‍්‍රීඩා ශූරතාවලියේ හෙල්ල විසිකිරීමේ කාන්තා ඉසව්වේ හොඳම ක‍්‍රීඩිකාවන් 12 අතරට තේරුණු නදීකා (මීටර 58.16) මෙම ක‍්‍රීඩා උළෙලේදී පදක්කම් දිනාගනු ඇතැයි විශ්වාසය තබා තිබේ.

ශ‍්‍රී ලංකාවේ එකම ඔලිම්පික් පදක්කම් ලාභිනිය වන සුසන්තිකා ජයසිංහගෙන් පසුව ලෝක ශූරතා මලල ක‍්‍රීඩා තරගාවලිය එවැනි දස්කමක් දැක්වූ එකම ක‍්‍රීඩිකාව බවට ද නදීකා ඉතිහාසයට එකව වී සිටින්නීය.

නදීකා 2006 වසරේ කටාර්හිදී පැවැති XVII වැනි ආසියානු ක‍්‍රීඩා උළෙලේදී මීටර 52.54 ක දක්‍ෂතාවක් දක්වමින් 7 වැනි ස්ථානයට පත්වූවාය.  
නදීකා ‘ලංකාදීප’යට පැවසුවේ තමන් හොදින් පුහුණුවීම් කර පදක්කමක් දිනා ගැනීමේ අරමුණින් තරගයට සහභාගි වන බවයි.

ශ‍්‍රී ලංකා රග්බි පිල පළමු වටයේ සහභාගි වන තරග දෙකක් හෙට (01 වැනිදා) පැවැත්වේ.

ශ්‍රී ලංකා පිලේ මූලික වටයේ අවසන් තරගය හෙට කොරියාවේ වේලාවෙන් පස්වරු 1. 56 ට හෙවත් ශ‍්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 10.26 ක්‍රීඩා උළෙලේ සත්කාරක දකුණු කොරියාවට එරෙහිව පැවැත්වේ. ශ්‍රී ලංකාව සහ කොරියාව අතර පැවැත්වෙන මෙම තරගය මෙම තරගාවලියේ ස්ථානයක් දිනාගැනීම සඳහා ඉතාමත් තීරණාත්මක තරගයක් ලෙස සැලකේ.


අදහස් (0)

හෙල්ල විසිකිරීමේ ශූරීය නදීකා හෙට තරග බිමේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.