Last Update  :  2025-05-05 21:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports හැව්ලොක්ස් පස්වැනි ජයත් ලබයි

හැව්ලොක්ස් පස්වැනි ජයත් ලබයි

සංජය එරමුදුගොඩ - 2018 දෙසැ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් තරගාවලියේ පස්වැනි සතිය යටතේ ලොන්ඩන් පෙදෙස සී. ආර්. පිටියේදී පැවැති තරගයේදී හැව්ලොක්ස් ක්‍රීඩකයෝ ලකුණු 31-22 කින් සී. ආර්. ඇන්ඞ් එෆ්. සී පිල පරාජය කිරීමට සමත් වූහ.

හැව්ලොක්ස් පිල පිට පිටම පස්වැනි ජය ලබා අපරාජිතව සිටීම කැපී පෙනේ.

හැව්ලොක්ස් පිල ගෝල තුනකින් සහ උත්සාහක දිනුම් දෙකකින් ලකුණු රැස්කළේය. සී. ආර්. පිලට ගෝල දෙකින්, උත්සාහක දිනුමකින් සහ දඬුවම් පහරකින් ලකුණු එකතු විය.

හැව්ලොක්ස් පිලට දෙවැනි අර්ධයේදී දුෂ්මන්ත ප්‍රියදර්හන සහ චාමර දාබරේ උත්සාහක දිනුම බැගින් සම්පූර්ණ කරමින් ලකුණු සංඛ්‍යාව 31 ක් බවට පත්කළහ.  

සී. ආර්. පිලට දෙවැනි අර්ධයේදී ගෝල දෙකකින් සහ දඩුවම් පහරකින් ලකුණු 17 ක් එකතු විය. එහිදී තරින්ද රත්වත්තේ සහ ගයාන් ඩිල්ෂාන් උත්සාහක දිනුම බැගින් සම්පූර්ණ කළහ.

 තරින්ද රත්වත්තේ ගෝල ප්‍රවර්ථන සහ දඬුවම් පහර සාර්ථක කරමින් අතිරේක ලකුණු එකතු කළ ද ඒ වන විට හැව්ලොක්ස් පිල තරගයේ ජයග්‍රහණය නතුකරගෙන සිටියේය.  

හැව්ලොක්ස් පිල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 21-5 ක් ලෙස ලකුණු 16 කින් පෙරමුණේ රැදීසිටියේය.
හැව්ලොක්ස් පිලට පළමු අර්ධයේ චාමර දාබරේ, ධනුෂ්ක ප්‍රියදර්ශන සහ ලින්ටන් ෆ්ලැන්ටි උත්සාහක දිනුම බැගින් එකතු කරමින් ප්‍රබල තත්ත්වයකට රැගෙන ඒමට සමත් වූහ.

රීසා මුබාරක් එම උත්සාහක දිනුම් තුනම ගෝල බවට ප්‍රවර්ථනය කරමින් ලකුණු සංඛ්‍යාව 21 ක් බවට පත් කළේය.

සී. ආර්. පිලට පළමු අර්ධයේදී රාහුල් ද සිල්වා එකම උත්සාහක දිනුම එකතු කළ අතර තරින්ද රත්වත්තේ වෙතින් එහි ගෝල ප්‍රවර්ථනය අසාර්ථක විය.


අදහස් (0)

හැව්ලොක්ස් පස්වැනි ජයත් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.