Last Update  :  2025-05-23 11:06:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports හිරුණි රිදී පදක්කමක් හිමිකර ගනී
ආසියානු වයස 22 න් පහළ සහ යොවුන් බොක්සිං

හිරුණි රිදී පදක්කමක් හිමිකර ගනී

editorial - 2025 මැයි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ජාත්‍යන්තර බොක්සිං සංගමයේ සහ ආසියානු බොක්සිං සම්මේලනයේ සහයෝගය ඇතිව ශ්‍රී ලංකා බොක්සිං සංගමය සංවිධානය කරන ආසියානු වයස 22 න් පහළ සහ යොවුන් බොක්සිං තරගාවලියේ 10 වැනි දිනය වූ අද (22 වැනිදා) පැවැති අවසන් මහ තරගයකදී පරාජයට පත්වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ හිරුණි විජේසිංහට රිදී පදක්කමකින් සෑහීමකට පත්වීමට සිදුවූවාය. 

යොවුන් කාණ්ඩයේ කිලෝ ග්‍රෑම් 63 බර පංතිය යටතේ තරග වැදුණු හිරුණි, එහිදී ලකුණු 5-0 ක් ලෙස කසකස්ථානයේ ඇලීනා කුඩයිගෙනෝවා හමුවේ පරාජයට පත්වූවාය. ක්‍රීඩිකාවන් තිදෙනෙක් පමණක් සහභාගි වී සිටි එම ඉසව්වේ අවසන් පූර්ව වටයේදී නිතර ජයක් ලැබූ හිරුණි, මෙම තරගාවලියේදී තරග වැදුණ පළමු සහ එකම තරගයද මෙය විය. 

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව මේ දක්වා ලෝකඩ පදක්කම් 18 ක් හිමිකර ගෙන සිටි අතර එහිදී ශ්‍රී ලංකාවට හිමිවූ පළමු රිදී පදක්කම මෙය විය. තරගාවලියේ අවසන් දිනය වන හෙට (23 වැනිදා) ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිවුදෙනෙක් රන් සහ රිදී පදක්කම් දිනා ගැනීමේ අරමුණින් වයස 22 න් පහළ කාණ්ඩයේ අවසන් මහ තරග සඳහා සහභාගි වීමට සූදානමින් සිටිති. 

 

 


අදහස් (0)

හිරුණි රිදී පදක්කමක් හිමිකර ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.