Last Update  :  2025-12-22 11:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports හම්බන්තොට බ්ලැක්ස්ට දැවැන්ත ජයක්

හම්බන්තොට බ්ලැක්ස්ට දැවැන්ත ජයක්

සංජය එරමුදුගොඩ - 2013 සැප් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කාල්ටන් කුසලාන පැසිපන්දු තරගාවලියේ ඉකුත් සති අන්තයේදී පැවති පළමු කාණ්ඩයේ තරගය වලින් ජය ලැබීමටට කොළඹ,  ඕල්ඞ් බෙන්ස්, හම්බන්තොට බ්ලැක්ස් කී‍්‍රඩා සමාජය සහ ශ්‍රී ලංකා පොලිසිය සමත්වූහ.

මෙම තරග වලදී දැවැත්තම ජයග‍්‍රහණය වාර්තා කිරීමට සමත්වූයේ හම්බන්තොට බ්ලැක්ස් කී‍්‍රඩා සමාජයයි. ඔවුන් විසින් වත්තල පැසිපන්දු සංගමය පරාජය කරනු ලැබුවේ ලකුණු 71 - 30 ක් ලෙසිනි. තරගයේ පළමු අර්ධය නිමා වන විටද ලකුණු 16 - 42 ක් ලෙස ප‍්‍රබල හම්බන්තොට බ්ලැක්ස් කී‍්‍රඩා සමාජය පෙරමුණ ගත්තේය. තිමෝති නිතුශාන් ලකුණු 19 ක් රැස්කරමින් තරගයේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.

ඔටර්ස් කී‍්‍රඩා සමාජය සහ ශ්‍රී ලංකා පොලිසිය අතර පැවති තරගය තරමක තියුණු මුහුණුවරක් ගත් අතර එහි පළමු අර්ධය නිමා වන විට ලකුණු 18 - 17 ක් ලෙස ශ්‍රී ලංකා පොලිසිය ඉදිරියෙන් සිටියේය. කෙසේ වෙතත් දෙවැනි අර්ධයේදී දෙපිල අතර ලකුණු පරතරය වැඩි කරගත් පොලිස් කී‍්‍රඩකයෝ ලකුණු 50 - 41 ක් ලෙස තරගය ජයගත්හ.

මෙවර තරග වාරයේ පළමු කාණ්ඩයේ තරග වලදී කණ්ඩායමක් රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව රැස්කිරීමට ආදි බෙන්ස් කී‍්‍රඩා සමාජය ඊයේ (7 වැනිදා) සමත්විය. ඒ කොළඹ බුල්ස් කී‍්‍රඩා සමාජය එරෙහිවයි. ආදි බෙන්ස් කී‍්‍රඩකයෝ එහිදී රැස්කළ ලකුණු සංඛ්‍යාව 82 කි. එහිදී ක්ලින්ටන් ස්ටැලූන් සහ නුශාන් එරන්ද පිළිවෙළින් ලකුණු 31 සහ 25 ක් බැගින් රැස්කරමින් තම කණ්ඩායම ජයග‍්‍රහණය කරා කැඳවාගෙන ගියහ. මෙම තරගයේදී ක්ලින්ටන් ස්ටැලූන් රැස්කළ ලකුණු 31, මෙතෙක් මෙම තරගාවලියේදී කී‍්‍රඩකයකු රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවද විය.

මොරටුව පැසිපන්දු සංගමය සමග පැවති තරගයේදී කොළඹ පැසිපන්දු සමාජයේ ප‍්‍රබල කී‍්‍රඩකයන් දෙදෙනකු වන රොෂාන් ප‍්‍රනාන්දු සහ ප‍්‍රනීත් උඩුමගල ලකුණු 25 බැගින් රැස්කිරීමට සමත්වූහ.

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව අතර පැවැත්වෙන තරගයත්, පීටරයිට්ස් කී‍්‍රඩා සමාජය සහ ශ්‍රී ලංකා යුද හමුදාව අතර පැවැත්වෙන තරගයත් අද (8 වැනිදා) කෙළඹ හෙන්රි පේද්‍රිස් කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.


6 සහ 7 දින වල තරග ප‍්‍රතිඵල

  • ශ්‍රී ලංකා පොලිසිය විසින් ඔටර්ස් කී‍්‍රඩා සමාජය පරාජය කරන ලදී. (50 - 41)
  • කොළඹ පැසිපන්දු සමාජය විසින් මොරටුව පැසිපන්දු සමාජය පරාජය කරන ලදී. (73 - 58)
  • ආදි බෙන්ස් කී‍්‍රඩා සමාජය විසින් කොළඹ බුල්ස් කී‍්‍රඩා සමාජය පරාජය කරන ලදී. (82 - 56)
  • හම්බන්තොට බ්ලැක්ස් කී‍්‍රඩා සමාජය විසින් වත්තල පැසිපන්දු සමාජය පරාජය කරන ලදී. (71 - 30)

 


අදහස් (0)

හම්බන්තොට බ්ලැක්ස්ට දැවැන්ත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.