Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports සූමෝ ජාතික ශුරතාවලියට 250 ක්

සූමෝ ජාතික ශුරතාවලියට 250 ක්

අමිල හේරත් - 2017 ජන මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ශී‍්‍ර ලංකා සූමෝ සම්මේලනය පළමුවරට සංවිධාන කරන සූමෝ ජාතික ශූරතාවලිය හෙට (25) කොළඹ, කොටුව තරුණ කි‍්‍රස්තියානි සංගම් ශාලාවේ දී පැවැත්වේ. අද පෙරවරු 9.00 ට ආරම්භ වන මේ තරගාවලියට කාන්තා හා පිරිමි ජ්‍යෙෂ්ඨ තරගද, බාලක බාලිකා කනිෂ්ඨ තරගද ඇතුළත්ය.

අවුරුදු 13 - 18 අතර වයස් කාණ්ඩයේ පසුවන බාලක බාලිකාවෝ කනිෂ්ඨ තරගාවලියට එක්වී සිටිති. තරගාවලියේ ජ්‍යෙෂ්ඨ තරග අංශයට කාන්තා හා පිරිමි අංශ දෙකින්ම බර පන්ති 6 කදී තරග පැවැත්වෙයි.

දිවයින පුරා විවිධ පළාත්වලින් තෝරාගත් කණ්ඩායම් සමග ශී‍්‍ර ලංකා නාවික හමුදාව, යුද හමුදාව, ගුවන් හමුදාව සහ පොලිසිය නියෝජනය කරමින් කණ්ඩායම් ගණනාවක් තරග බිමට එක්වන අතර කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ දෙඅංශයෙන්ම කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 250 ක් තරගාවලියට එක්වී සිටිති.

තරගාවලිය අවසානයේ සුමෝ ජාතික ශූරයා හා ශූරිය තෝරාගන්නා අතර කනිෂ්ඨ තරග අංශයෙන් ද ශූරයා හා ශූරිය තෝරගැනීමට නියමිතය. සෑම ජයග‍්‍රාහකයකුටම පදක්කම්, කුසලාන හා සහතික පත් පිරිනැමීමට නියමිත අතර කී‍්‍රඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සහ ශී‍්‍ර ලංකාවේ ජපාන තානාපතිවරයා ත්‍යාග ප‍්‍රදානෝත්ස්වයට එක්වෙති.

සූමෝ ජාතික තරගාවලිය කී‍්‍රඩා අමාත්‍යාංශයේ අනුග‍්‍රහයෙන් පැවැත්වෙයි. ජපානයේ ජාතික කී‍්‍රඩාව වන සූමෝ කී‍්‍රඩාව ඔලිම්පික් කී‍්‍රඩා උළෙලට ඇතුළත් කිරීම සඳහාත් අවධානයටද ලක්වූ කී‍්‍රඩාවකි.

 

 - 066

 

 

 


අදහස් (0)

සූමෝ ජාතික ශුරතාවලියට 250 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.