Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports සැතපුම් දෙකේ මුහුදු පිහිනුම් අයැදුම්පත් හෙටින් අවසන්

සැතපුම් දෙකේ මුහුදු පිහිනුම් අයැදුම්පත් හෙටින් අවසන්

සංජය එරමුදුගොඩ - 2016 පෙබ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකා ජල ක‍්‍රීඩා සංගමය සංවිධානය කරන 79 වැනි සැතපුම් දෙකේ මුහුදු පිහිනුම් තරගාවලිය සඳහා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගෙන් අයැදුම්පත් බාර ගැනීම අද (29) අවසන්වේ. තරගාවලිය මාර්තු මස 5 සහ 6 දෙදින ගල්කිස්ස මහා හෝටලය අසළ මුහුදු තීරයේදී පැවැත්වීමට නියමිතය.

මේ සදහා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 1000 කට අධික පිරිසක් සහභාගිවෙතැයි සංගමය අපේක්ෂා කරයි. තරගාවලියේ කනිෂ්ඨ සහ කාන්තා තරග මාර්තු මස 5 වැනිදා ද, විවෘත තරගය මාර්තු මස 6 වැනිදා ද පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ශ‍්‍රී ලංකා ජල ක‍්‍රීඩා සංගමය, ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව බාරේ, නො-33, ටොරින්ටන් පෙදෙස, කොළඹ 07 ලිපිනයට අයැදුම්පත් යොමු කළ හැකිය.

 


අදහස් (0)

සැතපුම් දෙකේ මුහුදු පිහිනුම් අයැදුම්පත් හෙටින් අවසන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.