දහතුන්වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල පැවැත්වෙන නේපාලයේ කත්මන්ඩු සහ ෆොකාරා යන නගර දෙකේ ක්‍රීඩාංගණ මේ දක්වා ඉදිවෙමින් පැවතීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම් පිටත්ව යෑම ප්‍රමාද කිරීමට ක්‍රීඩා අමාත්‍යංශය තීරණය කර තිබේ.
පිහිනුම්, වොලිබෝල්, පාපැදි, දුන්නෙන් විදීමේ සහ බර ඉසිලීමේ ආදි ක්‍රීඩා රැසක ශ්‍රී ලංකා කණ්ඩායම් මේ මස 23 සිට නේපාලය බලා පිටත්ව යෑමට සූදානමින් සිටිය ද එය කල්දැමීමට ක්‍රීඩා අමාත්‍යංශය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා පිහිනුම් කණ්ඩායම ලබන 23 වැනිදා පිටත්ව යෑමට නියමිතව තිබුණ ද කත්මන්ඩු නුවර පිහිටි එකම පිහිනුම් තටාකය තවමත් සකස් කරමින් තිබීම නිසා පිහිනුම් කණ්ඩායම පිටත්ව යෑම කල්දමා තිබේ.
ශ්‍රී ලංකා පිහිනුම් කණ්ඩායම තවත් සතියකට වැඩි කාලයක් දියතලාව පිහිනුම් තටාකයේ පුහුණුවීම් කිරීමට තීරණය කර තිබේ. සාග් ක්‍රීඩා උළෙලේ පිහිනුම් තරග දෙසැම්බර් මස 5 වැනිදා ආරම්භ වීමට නියමිතය.
සියලුම ඉදිරිකිරීම් තවත් දින 10 කින් එනම් ලබන සතිය අවසන් වන විට නිම කළ හැකි බව නේපාල ක්‍රීඩා බලධාරීන් පවසන බව ද වාර්තා වේ. ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම මේ මස 24 වැනිදා කත්මන්ඩු බලා පිටත්ව යයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.