Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ස්ලිම්ලයින් - මාස් සදර්න් ශූරතා දිනති

ස්ලිම්ලයින් - මාස් සදර්න් ශූරතා දිනති

ශනුක අරවින්ද - 2014 දෙසැ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයේ පැවති 89 වැනි ජාතික බොක්සිං තරගාවලියේ පිරිමි ශූරතාව දිනාගැනීමට ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජයත්, කාන්තා ශූරතාව දිනාගැනීමට මාස් සදර්න් කී‍්‍රඩා සමාජයත් සමත්වූහ.

රන් පදක්කම් සහ ලෝකඩ පදක්කම් 3 ක් බැගින් දිනා ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජය තරගාවලියේ පිරිමි ශූරතාව දිනාගත් අතර රන් පදක්කම් 3 ක් සහ ලෝකඩ පදක්කම් 2 ක් දිනාගත් නාවික හමුදාවට එහි අනුශූරතාව හිමිවිය.

මාස් සදර්න් කී‍්‍රඩා සමාජය කාන්තා ශූරතාව දිනාගත්තේ රන් පදක්කම් 5 ක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 2 ක් සමගිනි. එහි අනුශූරතාව රන් පදක්කම් 2 ක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 2 ක් දිනාගත් යුනිචෙලා කණ්ඩායමට හිමිවිය.

තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා ලෙස වෙල්ටර් (කිලෝ ග‍්‍රෑම් 69) බර පංතියෙන් තරග වැදුණ නාවික හමුදාවේ ආර්. ජී. එස්. කුමාරසිංහ සම්මාන දිනාගත්තේය. ලයිට් ෆ්ලයි (කිලෝ ග‍්‍රෑම් 48) බර පංතියෙන් තරග වැදුණ මාස් සදර්න් කී‍්‍රඩා සමාජයේ ජේ ඒ. ඞී. ජයසිංහ දක්ෂතම කී‍්‍රඩිකාව බවට පත්වූවාය.

වෙල්ටර් (කිලෝ ග‍්‍රෑම් 69) බර පංතියෙන් තරග වැදුණ ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජයේ එස්. එන්. හීල්බත්දෙනිය තරගාවලියේ දක්ෂතම පරාජිතයා ලෙසත්, ලයිට් (කිලෝ ග‍්‍රෑම් 60) බර පංතියෙන් තරග වැදුණ කැෂුවල් ලයින් කී‍්‍රඩා සමාජයේ නිරංජලා සේනානායක දක්ෂතම පරාජිකාව ලෙසත් තේරීපත්වූහ.

ශී‍්‍ර ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කළ මෙම තරගාවලියට ශ්‍රී ලංකා ගුවන් හමුදාව, යුද හමුදාව, නාවික හමුදාව, පොලිසිය, ස්ලිම්ලයින්, ලීනියා, තුරුලිය, ගාන්ධාර, මාස් සදර්න්, යුනිචෙලා, සිලූවේටා, කැෂුවල්ලයින් වැනි කී‍්‍රඩා සමාජ නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ රැසක් සහභාගීවූහ.

තරගාවලියේ ත්‍යාග ප‍්‍රදානෝත්සවයේ ආරාධිත අමුත්තා ලෙස අන්තර් ජාතික බොක්සිං තාක්ෂණික නිලධාරියකු වන හර්බට් ඇඹුල්දෙණිය මහතා සහභාගි විය.

පිිරිමි තරග ප‍්‍රතිඵල

ලයිට් ෆ්ලයි (කිලෝ ග‍්‍රෑම් 49) බර පංතිය

එම්. එම්. ප‍්‍රභාෂ්වර (ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජය) විසින් පී. එම්. රණසිංහ (ලීනියා කී‍්‍රඩා සමාජය) පරාජය කරන ලදී.

ෆ්ලයි (කිලෝ ග‍්‍රෑම් 52) බර පංතිය

බී. ජී. වර්ණකුලසූරිය (ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජය) විසින් එම්. වී. බණ්ඩාර (යුද හමුදාව) පරාජය කරන ලදී.

බැන්ටම් (කිලෝ ග‍්‍රෑම් 56) බර පංතිය

ජී. එස්. ජයවීර (ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජය) විසින් ඩබ්ලිව්. ආර්. වීරක්කොඩි (යුද හමුදාව) පරාජය කරන ලදී.  

ලයිට් (කිලෝ ග‍්‍රෑම් 60) බර පංතිය

විමුක්ති කුමාර (යුද හමුදාව) විසින් අයි. පී. උදයකුමාර (ගුවන් හමුදාව) පරාජය කරන ලදී.

ලයිට් වෙල්ටර් (කිලෝ ග‍්‍රෑම් 64) බර පංතිය

කේ. පී. ජයලත් (යුද හමුදාව) විසින් ආර්. එන් වෙත්තසිංහ (ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජය) පරාජය කරන ලදී.

වෙල්ටර් (කිලෝ ග‍්‍රෑම් 69) බර පංතිය

ආර්. ජී. කුමාරසිංහ (නාවික හමුදාව) විසින් එස්. එන්. හීල්බත්දෙනිය (ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජය) පරාජය කරන ලදී.

මිඞ්ල් (කිලෝ ග‍්‍රෑම් 75) බර පංතිය

එම්. ඒ. දිවාරත්න (යුද හමුදාව) විසින් ඒ. ජී. ගුණරත්න (ලීනියා කී‍්‍රඩා සමාජය) පරාජය කරන ලදී.

ලයිට් හෙවි (කිලෝ ග‍්‍රෑම් 81) බර පංතිය

ජී. ඒ. ප‍්‍රනාන්දු (නාවික හමුදාව) විසින් එස්. බී. කෝරලේගෙදර (යුද හමුදාව) පරාජය කරන ලදී.

හෙවි (කිලෝ ග‍්‍රෑම් 91) බර පංතිය

බී. එන්. සම්පත් (නාවික හමුදාව) විසින් ජේ. පී. ජයවීර (යුද හමුදාව) පරාජය කරන ලදී.

සුපර් හෙවි (කිලෝ ග‍්‍රෑම් 91 ට වැඩි) බර පංතිය

එල්. ටී. රත්නදිවාකර (ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජය) විසින් ඒ. බී. තිලකරත්න (යුද හමුදාව) පරාජය කරන ලදී.

කාන්තා තරග ප‍්‍රතිඵල

ලයිට් ෆ්ලයි (කිලෝ ග‍්‍රෑම් 48) බර පංතිය

ජේ. ඒ. ජයසිංහ (මාස් සදර්න් කී‍්‍රඩා සමාජය) විසින් නදීකා පුෂ්පකුමාරි (තුරුලි කී‍්‍රඩා සමාජය) පරාජය කරන ලදී.

ෆ්ලයි (කිලෝ ග‍්‍රෑම් 51) බර පංතිය

කේ. එච්. ද සිල්වා (මාස් සදර්න් කී‍්‍රඩා සමාජය) විසින් ජී. වයි. දිල්ෂානි (ගුවන් හමුදාව) පරාජය කරන ලදී.

බැන්ටම් (කිලෝ ග‍්‍රෑම් 54) බර පංතිය

එම්. පී. කුරේ (යුනිචෙලා කී‍්‍රඩා සමාජය) විසින් බී. එන්. එරන්දි (මාස් සදර්න් කී‍්‍රඩා සමාජය) පරාජය කරන ලදී.

ෆෙදර් (කිලෝ ග‍්‍රෑම් 57) බර පංතිය

කේ. ඒ. හංසිකා (මාස් සදර්න් කී‍්‍රඩා සමාජය) විසින් ඞී. අයි. රණතුංග (යුනිචෙලා කී‍්‍රඩා සමාජය) ජය කරන ලදී.

ලයිට් (කිලෝ ග‍්‍රෑම් 60) බර පංතිය

එම්. එම්. ප‍්‍රභාධි (කැෂුවල් ලයින් කී‍්‍රඩා සමාජය) විසින් නිරංජලා සේනානායක (කැෂුවල් ලයින් කී‍්‍රඩා සමාජය) පරාජය කරන ලදී.

ලයිට් වෙල්ටර් (කිලෝ ග‍්‍රෑම් 64) බර පංතිය

ජේ. වී. ජයසේකර (මාස් සදර්න් කී‍්‍රඩා සමාජය) විසින් කේ. ඒ. කෞෂල්‍යා (ගුවන් හමුදාව) පරාජය කරන ලදී.

වෙල්ටර් (කිලෝ ග‍්‍රෑම් 69) බර පංතිය

ජී. එච්. ධර්මසේන (මාස් සදර්න් කී‍්‍රඩා සමාජය) විසින් ඩබ්ලිව්. එම්. සමරතුංග (තුරුලි කී‍්‍රඩා සමාජය) පරාජය කරන ලදී.

මිඞ්ල් (කිලෝ ග‍්‍රෑම් 75) බර පංතිය

ඞී. ඞී. වීරරත්න (පොලිසිය) විසින් අයි. ඩබ්ලිව්. චන්ද්‍රසේකර (මාස් සදර්න් කී‍්‍රඩා සමාජය) පරාජය කරන ලදී.

ලයිට් හෙවි (කිලෝ ග‍්‍රෑම් 81) බර පංතිය

එම්. ටී. ප‍්‍රනාන්දු (යුනිචෙලා කී‍්‍රඩා සමාජය) විසින් අයි. ඩබ්ලිව්. උමේෂා (පොලිසිය) පරාජය කරන ලදී.

සුපර් හෙවි (කිලෝ ග‍්‍රෑම් 81 ට වැඩි) බර පංතිය

ටී. එම්. වීරසිංහ (යුද හමුදාව) විසින් ඞී. පී. දයාරත්න (නාවික හමුදාව) පරාජය කරන ලදී.

ඡයාරූප - ශමීර රාජපක්ෂ


අදහස් (0)

ස්ලිම්ලයින් - මාස් සදර්න් ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.