හික්කඩුව රික‍්‍රීයේෂන් සමාජය 40 වැනි සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කරන දීප ව්‍යාප්ත සය සාමාජික සැහැල්ලූ පන්දු කි‍්‍රකට් තරගාවලිය මෙම සති අන්තයේදී පෙරවරු 8.00 සිට පස්වරු 12 දක්වා හික්කඩුව මහජන කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
තරගාවලියේ ශූරතාව දිනාගන්නා කණ්ඩායමට ශූරතා කුසලාන සමගින් රුපියල් 100,000 ක මුදල් ත්‍යාගයක් පිරිනැමෙන අතර අනුශූරතාව හිමිකරගන්නා කණ්ඩායමට අනුශූරතා කුසලාන සමගින් රුපියල් 50,000 ක මුදල් ත්‍යාගයක් පිරිනැමේ.
තවද තෙවැනි ස්ථානය සඳහා රුපියල් 30,000 ක මුදල් ත්‍යාගයක්ද, සිව්වැනි ස්ථානය සඳහා රුපියල් 20,000 ක මුදල් ත්‍යාගයක්ද පිරිනැමෙන අතර තරගාවලියේ වීරයා, අවසන් තරගයේ වීරයා, දක්ෂතම පිතිකරුවා සහ දක්ෂතම පන්දු යවන්නා සඳහාද කුසලාන පිරිනැමීමට සංවිධායක මණ්ඩලය සූදානමින් සිටියි.
තරගාවලිය සඳහා දකුණු පළාත් කණ්ඩායම් 26 ක් සහ පිට පළාත් කණ්ඩායම් 26 කට සහභාගි විය හැකිය. 077 9267332 (මංගල), 077 3503803 (කුමාර), 072 4659992 (සුරංග) සහ 077 3706061 යන දුරකතන අංක ඇමතීමෙන් තරගාවලිය පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගත හැකිය.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.