Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports සම්මේලනයේ නියෝගය නොතකා නිලවරණය තියයි

සම්මේලනයේ නියෝගය නොතකා නිලවරණය තියයි

සංජය එරමුදුගොඩ - 2015 නොවැ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ දිස්ත‍්‍රික් පාපැදි සංගමයේ නව සභාපතිවරයා ලෙස හිටපු නියෝජ්‍ය පොලිස්පති කේ. පී. පී. පතිරණ මහතා තේරී පත්විය. එම්. අශෝක් කුමාර් පෙරේරා මහතා ලේකම්වරයා විය. එම සංගමයේ මහා සභා රැස්වීම සහ නිලවරණය ඊයේ (28 වැනිදා) පසුගියදා මහරගම මානෙල් උත්සව ශාලාවේදී පැවැත්විණ.

මෙම නිලවරණය කැඳවූ ලේකම්වරයා තහනමට ලක්වූ තැනැත්තකු යයි කියමින් ශ‍්‍රී ලංකා පාපැදි සම්මේලනය විසින් මෙම සංගමයේ නිලවරණය අත්හිටුවන ලෙස අදාළ පාර්ශවයන්ට දන්වන ලදී. එසේ වුවත් කලින් යොදාගත් දිනටම (28 වැනිදා) නිලවරණය පැවැත්වීමට කටයුතු කෙරිණ.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරන ලද විමසීමකින් කියැවුණේ මෙම නිලවරණයේදී තෝරා පත්කරගත් නිලධාරී මණ්ඩලය ශී‍්‍ර ලංකා පාපැදි සම්මේලනය විසින් පිළි නොගන්නා බවයි.


නොවැම්බර් 28 වැනිදා තේරී පත්වූ නිලධාරී මණ්ඩලය

සභාපති: හිටපු
නියෝජ්‍ය පොලිස්පති කේ. පී. පී. පතිරණ මහතා

ලේකම්:
එම්.අශෝක් කුමාර් පෙරේරා මහතා

උප සභාපතිවරු:
සුරේන්ද්‍ර රාජේන්ද්‍ර, එම්.එස්.බණ්ඩාර, කේ.ඒ.එස්.මෙන්ඩිස්, ධනංජය පේ‍්‍රමරත්න, නිල්ෂාන් ප‍්‍රනාන්දු, ඇන්තනී ප‍්‍රනාන්දු, චන්දන කදනාරච්චි යන මහත්වරු

භාණ්ඩාගාරික:  
ජේ.එල්.දූල්ලෑව මහතා  

උප ලේකම්:
ඞී. ජී. සරත් පේ‍්‍රමසිරි මහතා

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

- 090


අදහස් (0)

සම්මේලනයේ නියෝගය නොතකා නිලවරණය තියයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.