Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports සමස්ත ශූරතාව බස්නාහිර පළාතට

සමස්ත ශූරතාව බස්නාහිර පළාතට

ශනුක අරවින්ද - 2017 සැප් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හතළිස් තුන්වැනි ජාතික ක්‍රීඩාඋළෙලේ මල්ලවපොර සමස්ත ශූරතාව දිනා ගැනීමට බස්නාහිර පළාත් කණ්ඩායම සමත්විය. ඒ රන්පදක්කම් 11 ක් රිදී පදක්කම් 4ක් සහ ලෝකඩ පදක්කම් 2ක් දිනා ගනිමිනි. ක්‍රීඩා අමාත්‍යංශය විසින් මෙහෙයවන ලද මෙම තරගාවලිය නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගනයේදී පැවැත්විණ.

මල්ලවපොර ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100 කට ආසන්න පිරිසකගේ සහභාගිත්වයෙන් පැවති මෙම තරගාවලියේ සමස්ත අනුශූරතාව රන්පදක්කම් 4ක් රිදී පදක්කම් 4ක් සහ ලෝකඩ පදක්කම් 4ක් දිනා ගත් වයඹ පළාත් කණ්ඩායම හිමිකරගත්තේය. තුන්වැනි ස්ථානය දිනා ගන්නා ලද්දේ රන්පදක්කම් 2ක්, රිදී පදක්කම් 5ක් සහ ලෝකඩ පදක්කම් 4ක් දිනාගත් ඌව පළාත් කණ්ඩායමයි.

බස්නාහිර පළාතේ ඊ.එම්.ජී. ක්‍රීඩකයා සහ ඒ.පී. ලක්ෂිකා ක්‍රීඩිකාව තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට සහ ක්‍රීඩිකාවට හිමි සම්මාන දිනා ගත්හ.

 

 


අදහස් (0)

සමස්ත ශූරතාව බස්නාහිර පළාතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.