අධ්‍යාපන අමාත්‍යංශය මෙහෙයවන 32 වැනි සමස්ත ලංකා පාසල් ක‍්‍රීඩා උළෙලේ කණ්ඩායම් තරග ලබන සැප්තැම්බර් මස මුල සතියේ ආරම්භ කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශයේ ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ උපාලි අමරතුංග මහතා පැවසීය.
අවසන් අදියර වන මලල ක‍්‍රීඩා තරගාවලිය ලබන ඔක්තෝබර් මස 3 වැනිදා සිට 7 වැනිදා දක්වා මාතර උයන්වත්ත ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැළසුම්කර තිබේ.
මෙම තරගාවලියේ කණ්ඩායම් තරග අදියර තුනක් යටතේ පැවැත්වෙන අතර මලල ක‍්‍රීඩා තරගාවලිය සිවුවැනි අදියර ලෙස පැවැත්වේ. මෙවර ක‍්‍රීඩා උළෙලට කණ්ඩායම් ක‍්‍රීඩා 26 ක් ඇතුළත් වේ.
උපාලි අමරතුංග මහතා පැවසුවේ මේ වන විට පළාත් තරග පැවැත්වෙන බවත් එම තරග අවසන් වීමෙන් පසුව සමස්ත ලංකා ක‍්‍රීඩා තරගාවලියේ සංවිධාන කටයුතු ආරම්භ කරන බවයි.
මෙහි පසුගිය වසරේ මලල ක‍්‍රීඩා තරගාවලිය දියගම මහින්ද රාජපක්‍ෂ ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.