Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports සඳරුවන් තේරීම් කමිටු කතුරට හසුවෙයි

සඳරුවන් තේරීම් කමිටු කතුරට හසුවෙයි

රොෂාන් ගුණරත්න - 2016 මැයි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වයස 18 න් පහළ ශ්‍රී ලංකා පැසිපන්දු සංචිතයට ක‍්‍රීඩකයන් තෝරා ගැනීමේදී පී. එච්. ඉරුක සදරුවන් ක‍්‍රීඩකයා සංචිතයට ඇතුළත නොවීම සම්බන්ධයෙන් එම ක‍්‍රීඩකයා ඉගෙනුම ලබන අම්බලන්ගොඩ පී. ද. එස්. කුලරත්න විද්‍යාලයේ විදුහල්පති සහ ක‍්‍රීඩා භාර ආචාර්ය වරයාගේ අත්සනින් යුත් අභියාචනයක් ශ්‍රී ලංකා පාසල් පැසිපන්දු සංගමයේ ලේකම්වරයාට යොමු කර තිබේ.


පසුගිය වසරවල දකුණු කලාපයේ දක්‍ෂතම ක‍්‍රීඩකයා ලෙසද පත්ව ඇති ඉරුක සදරුවන්, පසුගිය වසරේදී වයස 17 න් පහළ ශ්‍රී ලංකා පැසිපන්දු සංචිතයට ද ඇතුළත්ව සිටි ක‍්‍රීඩකයෙකි.


පී. ද. එස්. කුලරත්න විද්‍යාලයේ විදුහල්පති ජී. ඩබ්ලිව්. ජගත් සේනාරත්න මහතාගේ අත්සනින් යුත් ලිපියේ සදහන් වන්නේ සිය පාසල් පැසිපන්දු කණ්ඩායමේ නායකයා වන ඉරුක ස`දරුවන්ගේ දස්කම් නිසා ජයග‍්‍රහණ රැුසක් කුලරත්න විද්‍යාලයට හිමිව ඇති බවත්, වයස 18 න් පහළ ශ්‍රී ලංකා පැසිපන්දු සංචිතයේ ක‍්‍රීඩකයන් 24 දෙනාට ඇතුළත් නොවීම එම ක‍්‍රීඩකයාට සිදුවී ඇති අසාධාරණයක් බවත්ය.


කුලරත්න විදුහලේ පැසිපන්දු ක‍්‍රීඩාව ආරම්භ වී වසර පහක් වැනි කෙටි කාලයකි.


දකුණු පළාත් පාසල් පැසිපන්දු තරගාවලියේ ශූරතාව, අධ්‍යාපන අමාත්‍යංශ තරගාවලියේ අවසන් පුර්ව තරගයට සුදුසුකම් ලැබීම, 2015 දකුණු කලාපීය පැසිපන්දු තරගාවලියේ වයස 17 න් පහළ ශූරතාව මෙන්ම පසුගිය වසරේදී පැවැති වයස 17 න් පහළ සමස්ත ලංකා පැසිපන්දු තරගාවලියේ‘ඒ’ කොටසේ අර්ධ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබීම යන අවස්ථාවලදී ඉරුක ස`දරුවන් නායකයකු මෙන්ම ක‍්‍රීඩකයකු ලෙස දැක් වු දස්කම් පිළිබ`දව එම ලිපියේ වැඩි දුරටත් ස`දහන් වේ.


සංචිතයට ඇතුළත්ව සිටින ක‍්‍රීඩකයන් හා සැසදීමේදී ඉරුක ස`දරුවන් ඉදිරියෙන් සිටින බවත්, එනිසාම ඉරුකට අසාධාරණයක් සිදුව ඇතැයි විශ්වාස කරන බවත් කුලරත්න විදුහලේ විදුහල්පතිවරයාගේ ලිපියේ වැඩිදුරටත් දැක්වේ.


මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාසල් පැසිපන්දු සංගමයේ ලේකම් නොයෙල් කුරේ මහතාගෙන් ‘ලංකාදීපය’ කළ විමසුමකදී ඒ මහතා පැවසුවේ සංචිතයට ක‍්‍රීඩකයන් තෝරා ගැනීම සම්බන්ධයෙන් ක‍්‍රීඩකයන් කැ`දවීම තමන්ට අයත් වන නමුත්, ක‍්‍රීඩකයන් තෝරා ගැනීම කරන්නේ ජාතික පැසිපන්දු තේරීම් කමිටුවක් මගින් නිසා තේරීමේදී ක‍්‍රීඩකයන් ඉවත්වීම පිළිබ`දව කිසිවක් තමන්ට ප‍්‍රකාශ කළ නොහැකි බවත්ය.


”මේ සංචිතයට ඇතුළත් වීම සදහා ක‍්‍රීඩකයන් 70 ක් පමණ ඉදිරිපත් වුණා..ඉන් 24 දෙනෙක් තෝරාගෙන සංචිතගත කර තිබෙනවා. ඉවත්කළ ක‍්‍රීඩකයන් බොහෝ පිරිසකගෙන් අපට මෙවැනි චෝදනා එල්ල වෙනවා”


”තේරීම් කමිටුවක් විසින් තේරීම් කරනු ලබන්නේ යම්කිසි ක‍්‍රමවේදයකටයි..ක‍්‍රීඩකයන්ට අවස්ථාව අහිමි වන්නේ එදින පරීක්‍ෂණයේ අසමත්වීම මත වන්නටත් පු`ළුවන් යැයි” ද නොයෙල් කුරේ මහතා වැඩිදුරටත් පැවසීය.


මේ මස 26 වැනිදා සිට 29 වැනිදා දක්වා බංග්ලාදේශයේදී පැවැත්වෙන වයස 18 න් පහළ දකුණු ආසියානු පැසිපන්දු තරගාවලියට සහභාගි වන ශී‍්‍ර ලංකා කණ්ඩායම මෙම සංචිතයේ දැන් සිටින  ක‍්‍රීඩකයන් 24 දෙනාගෙන් තෝරා ගැනීමට නියමිතය.

 

 


අදහස් (0)

සඳරුවන් තේරීම් කමිටු කතුරට හසුවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.