Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports සකුණ මේසපන්දු තරගාවලිය 25-26

සකුණ මේසපන්දු තරගාවලිය 25-26

සංජය එරමුදුගොඩ - 2014 ඔක් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මහනුවර දිස්ති‍්‍රක් මේසපන්දු සංගමය තෙවැනි වරටත් සංවිධානය කරන ‘සකුණ’ අභියෝග කුසලාන මේසපන්දු තරගාවලිය මේ මස 25 සහ 26 යන දින වලදී මහනුවර ජගත් රාජපක්ෂ මේසපන්දු කී‍්‍රඩාගාරයේදී පැවැත්වේ.

මෙම තරගාවලියේදී පාසල් ළමුන් සඳහා වයස අවුරුදු 8 න් පහළ, 10 න් පහළ, 12 න් පහළ, 15 න් පහළ සහ 18 න් පහළ වයස් කාණ්ඩ යටතේ තරග පැවැත්වේ. විවෘත අංශය සඳහා පිරිමි සහ කාන්තා තරග 2 ක්ද, ප‍්‍රවීණයන්ගේ තරග 2 ක්ද ඇතුළත්ය.

මාස් හෝල්ඩිංග්ස් කී‍්‍රඩා සමාජය නියෝජනය කරන නිර්මල ජයසිංහ ඉකුත් වසරේ පැවැති තරගාවලියේ විවෘත පිරිමි ශූරතාව දිනාගත් අතර මහනුවර මහාමායා විදුහලේ රිද්මි කරඳනාරච්චි එවර විවෘත කාන්තා ශූරතාව දිනාගත්තාය.

මහනුවර නගරයේ පිහිටි සෑම කී‍්‍රඩා භාණ්ඩ වෙළෙඳ සැළකින්ම තරගාවලියේ විවෘත අංශයේ සහ ප‍්‍රවීණ අංශයේ තරග ඉසව් සඳහා අයැදුම්පත් ලබාගත හැකි අතර අයැදුම්පත් භාරගැනීම මේ මස 14 වැනිදායින් අවසන් වේ.

සකුණ හෝල්ඩිංස් පුද්ගලික සමාගම තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකත්වය දරයි.


- 036


අදහස් (0)

සකුණ මේසපන්දු තරගාවලිය 25-26

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.