(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)
ජාතික ජල ක්‍රීඩා සංගමය 12 වැනි වරටත් සංවිධානය කළ, කිලෝමීටර් 5 ජාතික විවෘත මුහුදු පිහිනුම් තරගාවලියේ පිරිමි ශුරතාව ශ්‍රී ලංකා යුද හමුදාවේ බි.ඩි.ෂෙහාන් විසින් දිනාගන්නා ලදි. එහි කාන්තා ශුරතාව කොළඹ විශාකා විද්‍යාලයේ ෂෙනෙශි හේරත් විසින් දිනා ගන්නා ලදී .
මෙම තරගාවලිය බලපිටිය වෙරළාරක්ෂක කඳවුර පිටුපස වෙරළ තිරයේදී අද (13 වැනිදා) පැවති අතර ඊට දිවයිනේ පිහිනුම් ක්‍රීඩකයෝ 54ක් සහ ක්‍රීඩිකාවෝ 14ක් සහභාගිවුහ .
පිරිමි තරගය තියුණු එකක්ව පැවති අතර ශුරතාව, අනු ශුරතාව, හා තෙවැනි ස්ථාන වෙන් කර ගැනීම සදහා ශ්‍රී ලංකා යුද හමුදාවේම ක්‍රීඩකයින් තිදෙනෙකු තරග වැදී සිටියහ.
පැය 2යි විනාඩි 00 යි තත්පර 39 කින් තරගය නිමා කල යුද හමුදාවේ බි.ඩි. ෂෙහාන් තරගයේ ශුරතාව දිනා ගත්තේය .පැය 2යි විනාඩි 00 යි තත්පර 40කින් තරගය නිමා කල යුද හමුදාවේම ඉෂාර අබේරත්නට අනු ශුරතාවත් පැය 2යි විනාඩි 1 යි තත්පර 00 කින් තරගය නිමා කල යුද හමුදාවේම ඒ.එම්.ඒ .එස් .අබේසිංහට එහි තෙවැනි ස්ථානයත් හිමිවිය.
කාන්තා තරගයේ ශුරතාව කිසිදු අභියෝගයක් නොමැතිව දිනා ගැනීමට කොළබ විශාකා විද්‍යාලයේ ෂෙනෙශි හේරත් සමත්වූවාය .ඒ සදහා ඇය පැය 2යි විනාඩි 23යි තත්පර 39ක් වැයකොට තිබිණ .
පැය 2යි විනාඩි 25යි තත්පර 02 වැය කල අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ ෂෙහාරා අනුහංසිට තරගයේ අනුශුරතාවත් පැය 2යි විනාඩි 33යි තත්පර 41ක් වැය කල අම්බලන්ගොඩ ඩොල්පින් ජල ක්‍රීඩා සමාජයේ දුනිති තෙශාරාට එහි තෙවැනි ස්ථානයත් හිමිවූවාය .

වමේ සිට ඒ .එම්.ඒ .එස්. අබේසිංහ (3) බි.ඩි.ෂෙහාන් (1), ඉෂාර අබේරත්න (2)

වමේ සිට දුනිති තෙශාරා (3) ,ෂෙනෙශි හේරත් (1 ),ෂෙහාරා අනුහංසි (2).
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.