Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිල කාසියේ වාසියෙන් රන් පදක්කම් සටනට

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිල කාසියේ වාසියෙන් රන් පදක්කම් සටනට

දිලිනි මල්රුක්ෂි - 2014 ඔක් මස 02 {{hitsCtrl.values.hits}} Views 5 Comment
A A A

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයෝ දකුණු කොරියාවේ ‘ඉංචියොන්’ නුවරදී පැවැත්වෙන XVII වැනි ආසියානු ක‍්‍රීඩා උළෙලේ විස්සයි20 ක‍්‍රිකට් පිරිමි තරගාවලියේ ඇෆ්ගනිස්තානයට එරෙහිව රන් පදක්කම සදහා අද (03) අවසන් මහ තරගයට සහභාගි වෙති.

එම තරගය කොරියානු වේලාවෙන් පස්වරු 2.00 ට හෙවත් ශ‍්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 10.30 ට ආරම්භ වීමට නියමිතය.  

ඉංචියොන් ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී ඊයේ (02) පස්වරුවේ පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා පස්වරු 4.30 ට පමණ තරගය අත්හැර දැමූ අතර ඒ අනුව කාසියේ වාසිය උරගා බැලීමේදී ළහිරු තිරිමාන්න වාසනාවන්තයා බවට පත්වෙමින් කාසියේ වාසිය දිනා ගැනීමට සමත් විය.

ඉංචියොන් නුරවට ඊයේ පස්වරුවේ දැඩි වර්ෂාව ඇද හැළෙන විට පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ පිල  ඕවර 11 කදී කඩුලූ 3 ක් දැවී ලකුණු 59 ක් පමණක් රැස්කර සිටියේය.

බංග්ලාදේශ ප‍්‍රබල පිතිකරුවන් වන එනමුල් හක් (0), මොහොමඞ් මිතුන් (0) සහ ශකීබ් අල් හසන් (01) ලකුණු හයක් තුළ දැවී යෑමෙන් පසුව තමීම් ඉක්බාල් (නොදැවී 24) සබීර් රහමන් (නොදැවී 27) ලකුණු 53 ක සම්බන්ධතාවක් පැවැත්වීමට සමත් වූහ.

කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා පන්දු යවන්නෝ වර්ෂාව ඇද හැළෙන මොහොත දක්වා තරගයේ පාලනය තමන් වෙත රදවා ගැනීමට සමත්ව සිටියහ. වේග පන්දු යවන්නන් වන දිල්හාර ලොකුහෙට්ටිගේ (2/2) සහ ඉසුරු උදාන (10/1) පන්දුවෙන් දස්කම් දැක්වූහ.

ඇෆ්ගනිස්තානය (72/2) ඊයේ පෙරවරුවේ පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී කඩුලූ 8 කින් හොං කොං පිල (88/8) පරාජය කරමින් අවසන් මහ සටනට පැමිණියේය.

ශ‍්‍රී ලංකා පිලේ නායක ළහිරු තිරිමාන්න කාසියේ වාසිය ලැබීමෙන් පසුව පැවසුවේ තම කණ්ඩායම තරගයේ පාලනය තමන් වෙත ලබාගෙන සිටි බවත් තරගය පැවැත්වූවත් අනිවාර්යෙන්ම ජය ලබන බවයි.

”මට වාසනාව තිබුණා, ඒ ගැන ගොඩක් සතුටු වෙනවා. පළමු කාසියේ වාසියත් ජය ලැබුවා. පිට පිටම දෙවැනි කාසියේ වාසියත් ජය ලැබුවා. අපි ශ‍්‍රී ලංකාවට රන් පදක්කම ගෙන යන්න සූදානමින් ඉන්නේ. ඇෆ්ගනිස්තානු ක‍්‍රිකට් පිලේ ප‍්‍රධාන තරග රටාව විස්සයි20 ක‍්‍රිකට් ඒ නිසා අපි ඇෆ්ගනිස්තානය කිසිසේත්ම පහසුවට හිතන්නේ නෑ” යැයි තිරිමාන්න වැඩි දුරටත් පැවසීය.

ලෝකඩ පදක්කම සදහා තරගය අද (03) පෙරවරුවේ බංග්ලාදේශය සහ හොං කොං අතර පැවැත්වේ.

අද (03) ක‍්‍රීඩා උළෙලේ 15 වැනි දිනයයි.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම:
ළහිරු තිරිමාන්න (නායක), උපුල් තරංග (උප නායක), කිත්රුවන් විතානගේ, දිනේෂ් චන්දිමාල්, අෂාන් ප‍්‍රියංජන්, ෂෙහාන් ජයසූරිය, අසේල ගුණරත්න, අලංකාර අසංක, කෝසල කුලසේකර, දිල්හාර ලොකුහෙට්ටිගේ, චතුරංග කුමාර, ඉසුරු උදාන, චතුරංග ද සිල්වා, ජීවන් මෙන්ඩිස් සහ රමිත් රඹුක්වැල්ල
පුහුණුකරු: රොමේෂ් ක`ඵවිතාරණ මහතා


අදහස් (5)

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිල කාසියේ වාසියෙන් රන් පදක්කම් සටනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.