Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශූරතාව හැටන් නැෂනල් බැංකුවට

ශූරතාව හැටන් නැෂනල් බැංකුවට

සංජය එරමුදුගොඩ - 2016 ඔක් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළෙඳ සේවා පැසිපන්දු තරගාවලියේ 26 වැනි අදියරේ කාන්තා ශූරතාව දිනාගැනීමට හැටන් නැෂනල් බැංකු කණ්ඩායම සමත් විය. තිඹිරිගස්යාය හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී ලකුණු 59-43 ක් ලෙස සෙලාන් බැංකු කණ්ඩායම පරාජය කරමින් හැටන් නැෂනල් බැංකු ක්‍රීඩිකාවෝ එම ශූරතාවට හිමිකම් කීහ.

එහිදී හැටන් නැෂනල් බැංකු කණ්ඩායම වෙනුවෙන් කුමාරි සිල්වා ලකුණු 20 ක් රැස්කළ අතර අංජලී ඒකනායක ලකුණු 13 ක් සහ ඉමේෂා තත්සරණි ලකුණු 12 ක් බැගින් රැස්කළහ.

අංජලී ඒකනායක නායකත්වය දැරූ හැටන් නැෂනල් බැංකු කණ්ඩායමට ජනිතා ගුණපාල, ඉමේෂා තත්සරණි, පබසරා ගුණසේකර, ගයංජලී අමරවංශ, උමංගා ද සොයිසා, ශෂිකා සමරසිංහ, ධර්ෂිකා අබේවික්‍රම, ගයානි දිසානායක, කුමරිනී සිල්වා, හංසි බණ්ඩාර සහ අෂා නානායක්කාර ඇතුළත් වූහ.
 

- 036

 


අදහස් (0)

ශූරතාව හැටන් නැෂනල් බැංකුවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.