Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශී‍්‍ර ලාංකිකයෝ සිවුදෙනාම අවසන් පූර්ව වටයේ

ශී‍්‍ර ලාංකිකයෝ සිවුදෙනාම අවසන් පූර්ව වටයේ

සංජය එරමුදුගොඩ - 2013 දෙසැ මස 21 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

බහරේන්හි ඉසා නගරයේදී මේ දිනවල පැවැත්වෙන බහරේන් කණිෂ්ඨ බැඞ්මින්ටන් තරගාවලියේදී ශ‍්‍රී ලංකාව නියෝජනය කරන බුවනෙක ගුණතිලක, සචින් ඩයස්, කමෝද් හැළඹගේ සහ තිළිණි හෙන්දහේවා යන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ සිව්දෙනාම එහි අවසන් පූර්ව වට වලට සුදුසුකම් ලබාගැනීමට සමත්වී සිටිති.

එහිදී බුවනෙක ගුණතිලක, සචින් ඩයස් සහ කමොද් හැළඹගේ පිරිමි කේවළ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබාසිටින අතර තිළිණි හෙන්දහේවා කාන්තා කේවළ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබාසිටින්නීය.

තවද පිරිමි යුගල තරග ඉසව්වෙන් බුවනෙක ගුණතිලක හා සචින් ඩයස්ද, මිශ‍්‍ර යුගල තරග ඉසව්වෙන් සචින් ඩයස් හා තිළිණි හෙන්දහේවාද අවසන් පුර්ව වට වලට සුදුසුකම් ලබා සිටිති.  

පිරිමි කේවළ අවසන් පුර්ව වටයේ බුවනෙක ගුණතිලක සහ සචින් ඩයස් අතර තරගයත්,  කමොද් හැළඹගේ සහ ඉන්දියානු ක‍්‍රීඩක සිපානි සාහිල් අතර තරගයත් බහරේන් වේලාවෙන් අද (21 වැනිදා) සවස 6.00 ට පැවැත්වේ.  

කාන්තා කේවළ අවසන් පුර්ව වටයේදී තිළිණි හෙන්දහේවා, සිරියානු ක‍්‍රීඩිකා මොහොමඞ් සානා සමග තරග වැදීමට නියමිතය.

පිරිමි යුගල අවසන් පුර්ව වටයේදී බුවනෙක ගුණතිලක හා සචින් ඩයස්, බහරේන් ක‍්‍රීඩක ප‍්‍රියාන් රෝහිත් හා වර්ගේස් විනීත් සමගත්, මිශ‍්‍ර යුගල අවසන් පුර්ව වටයේදී සචින් ඩයස් හා තිළිණි හෙන්දහේවා බහරේන් ක‍්‍රීඩක ක‍්‍රීඩිකා යුගලය වන ජයිමි සංජය හා ඔසරියෝ ශාන් සමගත් තරග වදිති.

ලෝක බැඞ්මින්ටන් සම්මේලනය හා බහරේන් බැඞ්මින්ටන් සංගමය එක්ව මෙම තරගාවලිය සංවිධානය කරයි.

 


අදහස් (1)

ශී‍්‍ර ලාංකිකයෝ සිවුදෙනාම අවසන් පූර්ව වටයේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.