Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශී‍්‍ර ලංකා මේසපන්දු පිල චීනයේ තරගාවලියකට යයි

ශී‍්‍ර ලංකා මේසපන්දු පිල චීනයේ තරගාවලියකට යයි

ශනුක අරවින්ද - 2015 අප්‍රේ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

චීනයේ සුසාහෝව් නගරයේදී පැවැත්වෙන ‘කියුරෝස් 2015’ ලෝක ශූරතා මේසපන්දු තරගාවලියට සහභාගී වන 8 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම ලබන සෙනසුරාදා (25 වැනිදා) දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය.

මෙම තරගාවලිය මේ මස 26 වැනිදා ආරම්භ වන අතර මැයි මස 3 වැනිදා දක්වා පැවැත්වේ.

ශ්‍රී ලංකා කණ්ඩායමට කී‍්‍රඩකයෝ තිදෙනෙක්, කී‍්‍රඩිකාවෝ තිදෙනෙක් සහ නිලධාරීහු දෙදෙනෙක් ඇතුළත්ව සිටිති. කණ්ඩායමේ නායකයා ලෙස නිර්මල ජයසිංහ කටයුතු කරන අතර නායිකාව ලෙස එරන්දි වරුසවිතාන කටයුතු කරන්නීය.

රොහාන් සිරිසේන, ප‍්‍රසාද් ද සිල්වා, ඉෂාරා මධුරංගි සහ තාරුණ්‍යා ශෂිනි කණ්ඩායමට ඇතුළත්ව සිටින සෙසු කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ වෙති.

මෙම සියලූම කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් කේවල තරග සඳහා සහභාගී වන අතර නිර්මල ජයසිංහ සහ ප‍්‍රසාද් ද සිල්වා පිරිමි යුගල තරගය සඳහාද, ඉෂාරා මධුරංගි සහ තාරුණ්‍යා ශෂිනි කාන්තා යුගළ තරගය සඳහාද සහභාගී වීමට නියමිතය.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරගාවලියේදී මිශ‍්‍ර යුගල කණ්ඩායම් දෙකක් තරග වදින අතර නිර්මල ජයසිංහ සහ එරන්දි වරුසවිතාන ඉන් එක් කණ්ඩායමකටද, රොහාන් සිරිසේන සහ ඉෂාරා මධුරංගි අනෙක් කණ්ඩායමටද ඇතුළත්ව සිටිති.

ප‍්‍රවීන මේසපන්දු පුහුණුකරුවකු වන ලලිත් ප‍්‍රියන්ත මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු මෙන්ම කළමනාකරු ලෙසද, මේසපන්දු සංගමයේ උප සභාපති කනක හේරත් මහතා නියෝජිතයකු ලෙසද තරගාවලියට එක්වෙති.

 


අදහස් (0)

ශී‍්‍ර ලංකා මේසපන්දු පිල චීනයේ තරගාවලියකට යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.