Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශී‍්‍ර ලංකා බේස්බෝල් පිල පකිස්තාන් යයි

ශී‍්‍ර ලංකා බේස්බෝල් පිල පකිස්තාන් යයි

දිලිනි මල්රුක්ෂි - 2013 නොවැ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තානයේ ලාහෝර්හිදී මේ මස 30 වැනිදා සිට දෙසැම්බර් මස 2 වැනිදා දක්වා පැවැත්වෙන 11 වැනි බටහිර ආසියානු බේස්බෝල් ශූරතාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ජාතික බේස්බෝල් කණ්ඩායම අද (28) පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය.

මෙම තරගාවලියට ශ්‍රී ලංකාව, නේපාලය, අෆ්ගනිස්තානය සහ පාකිස්තානය සහභාගි වෙති. මෙහිදී ශ්‍රී ලංකා පිල සහභාගි වන පළමු තරගය මේ මස 30 වැනිදා පෙරවරු 10.00 ට නේපාලයට එරෙහිව පැවැත්වේ. යුද හමුදා ක‍්‍රීඩා සමාජය නියෝජනය කරන ඉරේෂ් කෝසල ශ්‍රී ලංකා පිලේ නායකයා ලෙස කටයුතු කරයි.

තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා බේස්බෝල් කණ්ඩායම:


ඉදිරි පෙළ වමේ සිට: සී. බී. රොද්‍රිගු මහතා (භෞතචිකිත්සක), ඒ. බී. පතිරාජ මහතා (පුහුණුකරු), එම්. එච්. පේ‍්‍රමරත්න මහතා (කණ්ඩායම් ප‍්‍රධානී), ඉරේෂ් කෝසල (නායක), කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා (බේස්බෝල් සංගමයේ සභාපති), එස්. ජී. පුංචිහේවා මහතා (උප නායක), ඞී. කේ. පෙරේරා මහතා (කළමණාකරු), එච්. එම්. හේවගේ මහතා (සහය පුහුණුකරු) සහ ටී. එස්. විතානගේ මහතා (විනිසුරු)

පසු පෙළ වමේ සිට: සී. එස්. ප‍්‍රනාන්දු, එස්. සී. අබේසූරිය, මන්නා උතුම්, සී. කේ. හපුආරච්චි, ටී. ඞී. මහතන්තිල, කේ. ඒ. රණසිංහ, එල්. පී. මධුරංග, ඞී. ඞී. නදීර, එස්. වී. ජයරත්න, ඒ. එස්. මධුශංඛ, එන්. බී. නුගහපොළ, එච්. එන්. කරුණාරත්න, එස්. ඒ. විජේසිංහ, එම්. ආර්. විජයංග, එස්. එස්. රත්නායක සහ වයි. ආර්. රණවීර


අදහස් (0)

ශී‍්‍ර ලංකා බේස්බෝල් පිල පකිස්තාන් යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.