ඕස්ටේ‍්‍රලියාවේ සිඞ්නි නුවරදී පැවැවෙන 14 වැනි දැල්පන්දු ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කී‍්‍රඩිකාවන්ගේ පාවහන් සහ ගමන්මලූ සඳහා අනුග‍්‍රහය දැක්වීමට මැලරන්ස් සමාගම ඉදිරිපත් වී සිටියි. කී‍්‍රඩා අමාත්‍යංශයේදී පැවැති උත්සවයකදී මැලරන්ස් සමාගමේ අධ්‍යක්ෂවරුන් පිරිසක් විසින් ශ්‍රී ලංකා කී‍්‍රඩිකාවන්ට රුපියල් 30,000 ක පමණ වටිනාකමකින් යුත් පාවහන් කට්ටල 14 ක් සහ ගමන් මලූ පිරිනමන ලදි.
ශී‍්‍ර ලංකා දැල්පන්දු කණ්ඩායමේ ජාතික පුහුණුකාරිණි දීප්ති අල්විස් මහත්මිය මැක්ලරන්ස් සමාගමේ කළමණාකාර අධ්‍යක්‍ෂ රොහාන් ද සිල්වා මහතාගෙන් කළ ඉල්ලීමක් අනුව මහතා මෙම අනුග‍්‍රහය ලබාදීමට කටයුතු කර තිබේ.
කී‍්‍රඩා අධ්‍යක්ෂ ජනරාල් කේ. ඞී. රුවන්චන්ද්‍ර, සහකාර කී‍්‍රඩා අධ්‍යක්ෂ ජනරාල් ආර්. බී. වික‍්‍රමසිංහ, මැලරන්ස් සමාගමේ අධ්‍යක්ෂවරුන් වන දිනේෂ් ජයවර්ධන, රමණි පොන්නම්බලම්, දැල්පන්දු සංගමයේ සභාපතිනි යසා රාමචන්ද්‍ර, දැල්පන්දු ජාතික පුහුණුකාරිණි දීප්ති අල්විස් සහ සහය පුහුණුකාරිණි තමරා ලියනගේ ඇතුළු මහත්ම මහත්මීහු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
ලෝක කුෂලාන තරගාවලිය සඳහා සහභාගි වන ශී‍්‍ර ලංකා දැල්පන්දු කණ්ඩායම අගෝස්තු මස 3 වැනිදා ශී‍්‍ර ලංකාවෙන් පිටත්ව යාමට නියමිතය.
කී‍්‍රඩා අධ්‍යක්ෂ ජනරාල් කේ. ඞී. රුවන්චන්ද්‍ර මහතා කණ්ඩායමේ උප නායිකා ගයනි සමන්තිකා කී‍්‍රඩිකාවට පාවහන් ලබාදුන් අයුරු...
මැලරන්ස් සමාගමේ අධ්‍යක්ෂ රමණි පොන්නම්බලම් මහත්මිය සුරේඛා කුමාරි කී‍්‍රඩිකාවට පාවහන් පිරිනැමූ අයුරු. දැල්පන්දු සංගමයේ සභාපතිනි යසා රාමචන්ද්‍ර මහත්මියද ඡායාරූපයේ සිටී.
(ඡායාරූප - ශානුක අරවින්ද)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.