Last Update  :  2026-03-16 17:21:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශී‍්‍ර ලංකාව මියන්මාරය තලාදමයි

ශී‍්‍ර ලංකාව මියන්මාරය තලාදමයි

දිලිනි මල්රුක්ෂි - 2014 සැප් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිංගප්පූරුවේදී පැවැත්වෙන ආසියානු දැල්පන්දු ශුරතාවලියේදී දෙවැනි තරගයට අද (9 වැනිදා) මුහුණ දුන් ශී‍්‍ර ලංකා කණ්ඩායම විසින් කිසිදු අපහසුතාවකින් තොරව මියන්මාර කණ්ඩායම පරාජය කරන ලදි. තරගය නිමා වන විට ලකුණු තත්ත්වය 109-11 ක් විය.

තරගය ආරම්භයේ සිටම මියන්මාර් පිලට කිසිදු අවස්ථාවන් නොදුන් ශී‍්‍ර ලංකා කී‍්‍රඩිකාවෝ සෑම කාර්තුවකදීම ලකුණු 25 සීමාව පසුකර ගියහ.

තරගාවලියේ පළමු තරගයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම විසින් චීන තායිපේ පිල ලකුණු 57-36 කින් පරාජය කරන ලදි. මියන්මාර් පිල පරදවා අද දිනයේ ලබාගත් ජයග‍්‍රහණයත් සමගින් ශී‍්‍ර ලංකා කණ්ඩායම මේ වන විට තරග 2 කදී ප‍්‍රසාද ලකුණු 4 ක් ලබා ‘බී’ කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටී.


අදහස් (0)

ශී‍්‍ර ලංකාව මියන්මාරය තලාදමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.