මැලේසියාවේ පීනෑන්හිදී පැවැත්වෙන 9 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ ශූරතාවලියේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන් වන එල්. ඒ. බී. ගිරිහාගම සහ බී. ජේ. විජේවික‍්‍රම ලෝකඩ පදක්කම් දිනා ගැනීමට අද (28) සමත් වූහ.
මෙහිදී එල්. ඒ. බී. ගිරිහාගම කනිෂ්ඨ අංශයේ කිලෝග‍්‍රෑම් 77 බර පංතිය ද, බී. ජේ. විජේවික‍්‍රම යොවුන් අංශයේ කිලෝග‍්‍රෑම් 77 බර පංතිය ද, නියෝජනය කළහ.
මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ මේ වන විට රන් පදක්කම් තුනක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් තුනක් සමගින් පදක්කම් හතක් දිනා ගැනීමට සමත් සිටිති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.