පාකිස්තානයේ ලාහෝර්හිදී පැවැති 11 වැනි බටහිර ආසියානු බේස්බෝල් ශූරතාවලියේ අනු ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ සමත් වූහ. පාකිස්තානය ශූරයන් බවට පත්විය. අවසන් මහ තරගයේදී පකිස්තානය විසින් 3-0 ක් ලෙස ශ්‍රී ලංකා පිල පරාජය කරන ලදි.
මෙම තරගාවලියේ පළමු වටයේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ නේපාලය සහ අෆ්ගනිස්තානය පරාජය කිරීමට සමත් වූහ. යුද හමුදා ක‍්‍රීඩා සමාජය නියෝජනය කරන ඉරේෂ් කෝසල මෙහිදී ශ්‍රී ලංකා පිලේ නායකයා ලෙස කටයුතු කළේය.
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.