Last Update  :  2025-10-27 19:06:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශ්‍රී ලංකා මේසපන්දු පිල ආසියානු ශූරතාවලියට

ශ්‍රී ලංකා මේසපන්දු පිල ආසියානු ශූරතාවලියට

editorial - 2025 ඔක් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ඉන්දියාවේ බුබනේෂ්වර් නුවරදී හෙට (11 වැනිදා) සිට 15 වැනිදා දක්වා පැවැත්වෙන 28 වැනි ආසියානු කණ්ඩායම් මේසපන්දු ශූරතාවලියට සහභාගි වන ශ්‍රී ලංකා මේසපන්දු කණ්ඩායම අද (9 වැනිදා) පස්වරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය. 

තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයන් සිවුදෙනෙක් සහ ක්‍රීඩිකාවන් සිවුදෙනෙක් ඇතුළත්වන අතර චමීර ගිණිගේ සහ බිමන්දි බණ්ඩාර කණ්ඩායමේ නායකයා සහ නායිකාව ලෙස කටයුතු කරති. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන් ලෙස නිමේෂ් රංචාගොඩ, චනුල් දුල්සෙන් සහ ශෆියුල්ලා අක්‍රම් ඇතුළත්ව සිටින අතර ක්‍රීඩිකාවන් ලෙස තමාදි කාවින්ද්‍යා, ලෙසන්‍යා සෙතුම්දි සහ ශමල්ෂා දෙව්මි යන ක්‍රීඩිකාවෝ ඇතුළත්ව සිටිති. 

ප්‍රවීන මේසපන්දු පුහුණුකරුවකු වන බුද්ධික දික්කුඹුර මහාතා තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන අතර කලමණාකරු ලෙස ඩබ්.එම්.ඒ. විජේසිංහ මහතාත්, ක්‍රීඩිකාවන් භාර නිලධාරිණිය ලෙස ජේ.ඒ.එස්. රූපිකා මහත්මියත් කණ්ඩායමට එක්ව සිටිති. 

මෙම තරගාවලියේදී මුල් ස්ථාන 16 අතරට එක්වන කණ්ඩායම් ලබන වසරේදී (2026) එංගලන්තයේ ලන්ඩන් නුවර පැවැත්වෙන ලෝක මේසපන්දු ශූරතාවලියට සහභාගි වීම සඳහා අවස්ථාව උදාකරගනු ඇත. තරගාවලිය සඳහා පිරිමි කණ්ඩායම් 22 ක්ද, කාන්තා කණ්ඩායම් 20 ක්ද සහභාගි වීමට නියමිතය. 

ඉරානය, උතුරු කොරියාව, දකුණු කොරියාව, කසකස්ථානය, කටාරය, සිංගප්පූරුව, මැලේසියාව, තායිලන්තය, හොං කොං, චීන තායිපේ, චීනය, බංග්ලාදේශය, මොංගෝලියාව, ඉන්දියාව, ජපානය, කිරිගිස්තානය, මැකාවෝ, මාලදිවයින, නේපාලය, ඕමානය, ශ්‍රී ලංකාව සහ උස්බෙකිස්ථානය යන රටවලින් තරගාවලියට පිරිමි කණ්ඩායම් සහභාගි වේ. 

තරගාවලියට කාන්තා කණ්ඩායම් සහභාගි වන්නේ ඉරානය, උතුරු කොරියාව, දකුණු කොරියාව, කසකස්ථානය, සිංගප්පූරුව, මැලේසියාව, තායිලන්තය, හොං කොං, චීන තායිපේ, චීනය, බංග්ලාදේශය, මොංගෝලියාව, ඉන්දියාව, ජපානය, කිරිගිස්තානය, මැකාවෝ, මාලදිවයින, නේපාලය, ශ්‍රී ලංකාව සහ උස්බෙකිස්ථානය යන රටවලිනි. 

 


අදහස් (0)

ශ්‍රී ලංකා මේසපන්දු පිල ආසියානු ශූරතාවලියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.