Last Update  :  2025-10-27 19:06:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ මැකාවෝ පරදවති
ආසියානු මේසපන්දු තරගාවලිය

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ මැකාවෝ පරදවති

editorial - 2025 ඔක් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ඉන්දියාවේ බුබනේෂ්වර් නුවරදී පැවැති 28 වැනි ආසියානු කණ්ඩායම් මේසපන්දු ශූරතාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කාන්තා මේසපන්දු කණ්ඩායම, අද (13 වැනිදා) පැවැති ශ්‍රේණිගත කිරීමේ තරග වටයකදී මැකාවෝ රාජ්‍යයට එරෙහිව තරග 3-1 ක ජයක් වාර්තා කළේය. 

කේවල තරග 5 කින් සමන්විත වූ එම තරග වටයේ පළමු තරගයේදී වට 3-2 ක් ලෙස තමාදි කාවින්ද්‍යා පරාජයට පත්වූවාය. එහෙත් දෙවැනි සහ සිවුවැනි තරග වට 3-1 ක් ලෙස ජයගත් බිමන්දි බණ්ඩාරත්, තෙවැනි තරගය වට 3-2 ක් ලෙස ජයත් ශමල්ෂා දෙව්මිත් ශ්‍රී ලංකාවට තරග 3-1 ක ජයක් අත්කර දුන්හ. 

මෙම තරග වටය ජය ගැනීමත් සමග ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට තරගාවලියේ 11 වැනි ස්ථානය හෝ 12 වැනි ස්ථානය වෙනුවෙන් ඉරානයට එරෙහිව තරග වැදීමට අවස්ථාව උදාවිය. එම තරග වටය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට (14 වැනිදා) පස්වරු 6.30 ට පැවැත්වීමට නියමිතය. 

මූලික වටයේදී පළමු කාණ්ඩය යටතේ තරග වැදුණු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ මොංගෝලියාවට එරෙහිව තරග 3-0 ක ජයක් ලැබූ නමුත් තායිලන්තය හමුවේ තරග 3-0 ක් ලෙස පරාජය පත්වූහ. ඒ හේතුවෙන්  ඔවුන්ට තරගාවලියේ 11 වැනි ස්ථානයත්, 14 වැනි ස්ථානයත් අතර ස්ථානයක් වෙනුවෙන් තරග වැදීමට සිදුවිය. 

තරග සැකැස්මට අනුව එම ස්ථාන 4 සඳහා මැකාවෝ රාජ්‍යයට එරෙහිව ශ්‍රී ලංකාවත්, කසකස්ථානයට එරෙහිව ඉරානයත් තරග වැදිණ. ඉන් මැකාවෝ රාජ්‍යයට එරෙහිව තරග වටයෙන් 3-1 ක ජයක් ලැබීමට ශ්‍රී ලංකාව සමත් වෙද්දී, කසකස්ථානය පරාජය කිරීමට ඉරානය සමත් වූයේද තරග 3-1 ක් ලෙසිනි.  

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගි වූ තරග 
ශ්‍රී ලංකාව විසින් තරග 3-0 ක් ලෙස මොංගෝලියාව පරාජය කරන ලදි. 
තායිලන්තය විසින් තරග 3-0 ක් ලෙස ශ්‍රී ලංකාව පරාජය කරන ලදි. 
ශ්‍රී ලංකාව විසින් තරග 3-1 ක් ලෙස මැකාවෝ පරාජය කරන ලදි. 


අදහස් (0)

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ මැකාවෝ පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.