Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ජාත්‍යන්තර බොක්සිං සංගමයේ සහ ආසියානු බොක්සිං සම්මේලනයේ සහයෝගය ඇතිව ශ්‍රී ලංකා බොක්සිං සංගමය සංවිධානය කරන ආසියානු වයස 22 න් පහළ සහ යොවුන් බොක්සිං තරගාවලියේ අටවැනි දිනය වූ අද (20 වැනිදා) තවත් ලෝකඩ පදක්කම් 3 ක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.
යොවුන් කාණ්ඩයේ කිලෝ ග්‍රෑම් 75 බර පංතිය යටතේ පැවැති අවසන් පූර්ව තරගයකදී කසකස්ථානයේ සාසුලන් බර්ඩලි හමුවේ පරාජයට පත්වීම හේතුවෙන් ජයංග පෙරේරාට ලෝකඩ පදක්කමක් හිමි විය. එම තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයා දැඩි ලෙස පහර කෑමට ලක්වීම හේතුවෙන් විනිසුරුවරයා පළමු වටයේදීම තරගය නතර කරමින් කසකස්ථාන ක්‍රීඩකයාට ජයග්‍රහණය පිරිනැමීය.
කිලෝ ග්‍රෑම් 54 බර පංතිය යටතේ තරග වැදුණු හිරුණි ප්‍රනාන්දුට සහ කිලෝ ග්‍රෑම් 57 බර පංතිය යටතේ තරග වැදුණු මලිති ගමගේට ලෝකඩ පදක්කම් හිමි වූයේ අවසන් පූර්ව තරගවලදී පිළිවෙළින් වියට්නාමයේ වූ තී තොම් සහ කසකස්ථානයේ අක්නූර් තර්සින්ගනි හමුවේ ලකුණු 5-0 ක් ලෙස පරාජයට පත්වීම හේතුවෙනි.
මෙම ලෝකඩ පදක්කම් 3 ත් සමග මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව හිමිකර ගෙන ඇති ලෝකඩ පදක්කම් සංඛ්‍යාව 14 ක් දක්වා ඉහළ ගිය අතර ඉන් ලෝකඩ පදක්කම් 2 ක් හැර සෙසු සියලුම පදක්කම් ශ්‍රී ලංකාවට හිමි වූයේ සහභාගි වූ පළමු තරගයම අවසන් පූර්ව තරගයක් වීමත්, එහිදී පරාජයට පත්වීමත් හේතුවෙනි.
අටවැනි දිනයේ තරග ප්‍රතිඵල
■ සාසුලන් බර්ඩලි (කසකස්ථාන) විසින් ජයංග පෙරේරා (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (විනිසුරු තරගය අතර මැද නරත කිරීම හේතුවෙනි)
■ වූ තී තොම් (වියට්නාමය) විසින් ලකුණු 5-0 ක් ලෙස හිරුණි ප්‍රනාන්දු (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි.
■ අක්නූර් තර්සින්ගනි (කසකස්ථාන) විසින් ලකුණු 5-0 ක් ලෙස මලිති ගමගේ (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.