Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports විනෝලිට රන් පදක්කම් 4 ක්

විනෝලිට රන් පදක්කම් 4 ක්

ශනුක අරවින්ද - 2016 නොවැ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ජල කී‍්‍රඩා සංගමය සංවිධානය කරන ජාතික පිහිනුම් ශූරතාවලියේ පළමු දින දෙක තුළ පැවැති අවසන් මහ තරග වලදී රන් පදක්කම් 4 ක් දිනාගැනීමට විනෝලි කළුආරච්චි සමත් වූවාය. විවෘත කාන්තා අංශයෙන් තරග වදින විනෝලි, මීටර් 50 පසුපස ආර (කේවල), මීටර් 400 මිශ‍්‍ර ආර (සහාය), මීටර් 800 නිදහස් ආර (සහාය) සහ මීටර් 200 නිදහස් ආර (සහාය) යන ඉසව් වලදී ජයග‍්‍රහණ අත්කරගත්තාය.

ඉකුත් මාසයේදී පැවැති දකුණු ආසියානු ජල කී‍්‍රඩා තරගාවලියේදී රන් පදක්කම් 7 ක් දිනාගත් කයිල් අබේසිංහ, සිය පි‍්‍රයතම ඉසව්වක් වන විවෘත පිරිමි මීටර් 200 මිශ‍්‍ර ආර ඉසව්වද සමගින් මේ වන විට ඉසව් 3 කදී ජය ලබා රන් පදක්කම් 3 ක් හිමිකරගෙන සිටී.

කයිල්ට අමතරව රමුදි සමරකෝන්, අයි. ඒ. සේනානායක, කේ. පී. ද සිල්වා, කේ. ඞී. මුණසිංහ සහ එස්. එස්. හේරත් යන කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝද මේ වන විට ති‍්‍රත්ව ජයග‍්‍රහණ අත්කරගෙන සිටිති.

කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේදී පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා දිවයින පුරා පාසල් සහ කී‍්‍රඩා සමාජ 51 ක් නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 303 ක් සහභාගි වෙති.

දෙවැනි දිනයේ ජයග‍්‍රාහකයෝ

විවෘත කාන්තා මීටර් 400 මිශ‍්‍ර ආර
දිලේඛා ගුණවර්ධන (විනාඩි 5:47.88)

විවෘත පිරිමි මීටර් 400 මිශ‍්‍ර ආර
කේ. වීරසිංහ (විනාඩි 4:58.92)

විවෘත කාන්තා මීටර් 800 නිදහස් ආර (සහාය)
ටී. ටී. සෙනවිරත්න, සඳලි ඉනූපමා, එස්. එස්. හේරත් සහ විනෝලි කළුආරච්චි (විනාඩි 10:07.45)

විවෘත පිරිමි මීටර් 800 නිදහස් ආර (සහාය)
කයිල් අබේසිංහ, කේ. වීරසිංහ, ඞී. අබේසිංහ සහ ජේ. ජෙසුතාසන් (විනාඩි 8:14.18)

විවෘත කාන්තා මීටර් 200 ලය ආර
මෙලානි ප‍්‍රනාන්දු (විනාඩි 2:54.96)

විවෘත පිරිමි මීටර් 200 ලය ආර
සී. ජයසිංහ (විනාඩි 2:30.36)

බාලිකා වයස 15 න් පහළ මීටර් 100 නිදහස් ආර
රමුදි සමරකෝන් (විනාඩි 1:04.25)

බාලක වයස 15 න් පහළ මීටර් 100 නිදහස් ආර
අම්රිත් පෙරේරා (තත්ත්පර 57.25)

විවෘත කාන්තා මීටර් 100 නිදහස් ආර
අයි. ඒ. සේනානායක (විනාඩි 1:00.97)

විවෘත පිරිමි මීටර් 100 නිදහස් ආර
කයිල් අබේසිංහ (තත්ත්පර 52.35)

බාලිකා වයස 15 න් පහළ මීටර් 50 පසුපස ආර
ශෙනාලි වීරවංස (තත්ත්පර 33.66)

බාලක වයස 15 න් පහළ මීටර් 50 පසුපස ආර
ශෙවින්ද ද සිල්වා (තත්ත්පර 29.62)

විවෘත කාන්තා මීටර් 50 පසුපස ආර
විනෝලි කළුආරච්චි (තත්ත්පර 32.62)

විවෘත පිරිමි මීටර් 50 පසුපස ආර
ඞී. අබේසිංහ (තත්ත්පර 27.79)

බාලිකා වයස 15 න් පහළ මීටර් 400 නිදහස් ආර (සහාය)
රමුදි සමරකෝන්, ගංගා සෙනෙවිරත්න, සෙනෙෂි හේරත් සහ රෂ්මිනි රණසිංහ (විනාඩි 4:41.96)

බාලක වයස 15 න් පහළ මීටර් 400 නිදහස් ආර (සහාය)
තෙවිඳු ප‍්‍රනාන්දු, අංජන පෙරේරා, ප‍්‍රමෝදිත් කුරේ සහ සංදේව් සේනාරත්න (විනාඩි 4:03.90)

විවෘත කාන්තා මීටර් 200 නිදහස් ආර (සහාය)
ටී. ටී. සෙනෙවිරත්න, සයුමි ගීගනගේ, එස්. එස්. හේරත් සහ විනෝලි කළුආරච්චි (විනාඩි 2:03.23)

විවෘත පිරිමි මීටර් 200 නිදහස් ආර (සහාය)
එස්. පී. වී. ඩයස්, කේ. ඞී. මුණසිංහ, කේ. පී. මානවඩු සහ කේ. පී. ද සිල්වා (විනාඩි 1:38.47)

-036

ඡායාරූපය : ගයාන් අමරසේකර


අදහස් (0)

විනෝලිට රන් පදක්කම් 4 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.