වෙළෙඳ සේවා ටෙනිස් සංගමය, ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සමග එක්ව සංවිධානය කරන වෙළෙඳ සේවා ටෙනිස් තරගාවලිය මේ මස 7 වැනිදා සිට 14 වැනිදා දක්වා කොළඹ ටෙනිස් සංගම් මූලස්ථාන කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
පිරිමි කේවල පළමු කාණ්ඩය, පිරිමි කේවල දෙවැනි කාණ්ඩය, පිරිමි කේවල තෙවැනි කාණ්ඩය, වයස 35 ට වැඩි ජේ්‍යෂ්ඨ කේවල, වයස 45 ට වැඩි ජේ්‍යෂ්ඨ කේවල, වයස 55 ට වැඩි ජේ්‍යෂ්ඨ කේවල, වයස 35 ට වැඩි ජේයෂ්ඨ යුගල, වයස 45 ට වැඩි ජේ්‍යෂ්ඨ යුගල, වයස 55 ට වැඩි ජේ්‍යෂ්ඨ යුගල, පිරිමි විවෘත යුගල, කාන්තා විවෘත කේවල, කාන්තා විවෘත යුගල සහ මිශ‍්‍ර යුගල ලෙස කාණ්ඩ 13 ක් යටතේ මෙහිදී තරග පැවැත්වේ.
තරගාවලියට සහභාගීවන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සංඛ්‍යාව 123 කි. එහිදී වැඩිම තරගකරුවන් සංඛ්‍යාවක් (55) තරගාවලියට එක්වී සිටින්නේ පිරිමි කේවල තෙවැනි කාණ්ඩයේ තරග ඉසව්ව සඳහා වන අතර අඩුම තරගකරුවන් සංඛ්‍යාවක් (2) ඊට එක්වී සිටින්නේ වයස 55 ට වැඩි ජේ්‍යෂ්ඨ කේවල තරග ඉසව්ව සඳහායි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.