Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports වයස 18 න් පහළ - ට‍්‍රැක්මාස්ටර්ස් කාන්තා පිල් වලට ජය

වයස 18 න් පහළ - ට‍්‍රැක්මාස්ටර්ස් කාන්තා පිල් වලට ජය

සංජය එරමුදුගොඩ - 2014 සැප් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කාල්ටන් කුසලාන පැසිපන්දු තරගාවලියේ කාන්තා සුපිරි 8 දෙනාගේ වටයේ ඊයේ (21 වැනිදා) පැවැති තරග 2 කදී ජය ලැබීමට ට‍්‍රැක්මාස්ටර්ස් පිල සහ ශ්‍රී ලංකා වයස 18 න් පහළ පිල සමත්විය.

ලකුණු 55-41 ලෙස ශ්‍රී ලංකා නාවික හමුදා පිල පරාජය කරමන් ට‍්‍රැක්මාස්ටර්ස් පිල ජය ලැබූ අතර ලකුණු 62-55 ලෙස කන්ටෙන්ඩර්ස් පිල පරාජය කරමින් ශ්‍රී ලංකා වයස් 18 න් පහළ පිල ජය ලැබීය.

නාවික හමුදා පිල එරෙහිව පැවැති තරගයේ ආරම්භයේ සිටම පෙරමුණගත් ට‍්‍රැක්මාස්ටර්ස් පිල, ඉතා පහසුවෙන් තරගය ජයගැනීමට සමත්විය. එම තරගයේ කාර්තු හතරේ ලකුණු සංඛ්‍යාවන් 13-8 ක්, 28-23 ක්, 40-34 ක් සහ 55-41 ක් ලෙස සටහන් විය.

ට‍්‍රැක්මාස්ටර්ස් පිල වෙනුවෙන් එච්. එම්. ඒකනායක ලකුණු 20 ක් රැස්කළ අතර ජී. ජී. සිල්වා ලකුණු 16 ක් රැස්කිරීමට සමත්වූවාය.

කන්ටෙන්ඩර්ස් පිලට එරෙහිව පැවැති තරගයේද ආරම්භයේ සිටම පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා වයස 18 න් පහළ කී‍්‍රඩිකාවෝ සමත්වූහ. ලකුණු 15-8 ක්, 31-23 ක්, 49-38 ක් සහ 62-55 ක් ලෙස එම තරගයේ කාර්තු හතර නිමාකළ ඔවුහු පහසුවෙන්ම තරගය ජය ගැනීමට සමත්වූහ.

කන්ටෙන්ඩර්ස් පිල වෙනුවෙන් එන්. පේයිවා ලකුණු 20 ක් රැස්කළ අතර යූ. ද සොයිසා ලකුණු 17 ක් රැස්කළාය.  

 


අදහස් (0)

වයස 18 න් පහළ - ට‍්‍රැක්මාස්ටර්ස් කාන්තා පිල් වලට ජය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.