විවෘත කණිෂ්ඨ ගොල්ෆ් ශූරතාවලියේ වයස අවුරුදු 10 න් පහළ ලෝකඩ කාණ්ඩයේ ශූරතාව පිට පිට දෙවැනි වසරටත් තමා සතු කරගැනීමට ඇමරිකාවේ සිට පැමිණි නයිජල් ප‍්‍රනාන්දු සමත්විය. එහි අනුශූරතාව ඞී. එස්. සේනානායක විදුහලේ මහීෂ හිරුශාන් විසින් දිනාගන්නා ලදී.
තරගාවලියේ ප‍්‍රධානම කාණ්ඩය වන, වයස අවුරුදු 15 ත් 17 ත් අතර රන් කාණ්ඩයේ පසුගිය වසරේ ශූරයා වූ සචින් ද සිල්වා, මෙවරද පහර 149 ක් සමගින් එම කාණ්ඩයේ පෙරමුණේ රැදීසිටින අතර සෆාර් සිකන්දර් පහර 150 ක් සමගින් සචින්ට දැඩි අභයෝගයක් එල්ල කරමින් සිටී.
ති‍්‍රකුණාමලයේ පැවති විවෘත ගොල්ෆ් තරගාවලිය ජයගත් ඉෂිර ප‍්‍රනාන්දු පහර 168 ක් සමගින් වයස අවුරුදු 11 ත් 14 ත් අතර රිදී කාණ්ඩයේ පෙරමුණේ රැුදීසිටී. සත්සර දිල්ෂාන් සහ ආමන්ඞ් ෆ්ලාමර් පිළිවෙළින් පහර 172 ක් සහ 173 ක් සමගින් මේ වන විට එම කාණ්ඩයේ දෙවැනි සහ තෙවැනි ස්ථාන වල පසුවෙති.
ශ‍්‍රී ලංකා ගොල්ෆ් සංගමය විසින් සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය මේ මස 16 වැනිදා සිට 18 වැනිදා දක්වා කොළඹ රාජකීය ගොල්ෆ් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙයි.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.