ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණයේදී (2013-2017) ලේකම් ධූරයට යළිත් තරග වදින එහි වත්මන් ලේකම් මැක්ස්වල් ද සිල්වා මහතාගේ නාමයෝජනාව ප‍්‍රතික්ෂේප වන තත්ත්වයක් උද්ගතවී ඇතැයි වාර්තා වේ.
ඒ මහතාගේ නාමයෝජනාවට එරෙහිව විරෝධතාවයක් ඉදිරිපත්වීමෙන් පසු ඒ පිළිබඳව සොයා බැලීම සඳහා ජාතික ඔලිම්පික් කමිටුවේ විධායක සභාව විසින් කමිටුවක් පත්කරන ලදී.
විරෝධතාවයෙන් කියවුණේ සිල්වා මහතා ඔහු නියෝජනය කරන බව ප‍්‍රකාශවී තිබෙන ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ විධායක සභාවට ඇතුළත් නොවන බැවින් ඔහුගේ නාමයෝජනාව වලංගු නොවන බවය.
කෙසේවුවත් ඒ පිළිබඳව විමර්ෂණය කිරීම සඳහා පත් කරන ලද කමිටුවේ අධ්‍යනයට අනුව හෙළිකර ගෙන තිබෙන්නනේ ටෙනිස් සංගමයේ ව්‍යවස්ථාවට අනුව සිල්වා මහතාගේ නාමයෝජනාව සම්බන්ධයෙන් ගැටළුවක් පැන නැගී තිබෙන බවය.
මේ අතර ටෙනිස් සංගමයේ ව්‍යවස්ථාව වෙනස් කර ඇතැයි තියවෙන නමුදු ඒ සඳහා ජාතික ඔලිම්පික් කමිටුවේ අනුමැතිය ලබාගෙන නැතැයි ද විමර්ෂණ කමිටුව අවධාරණය කර තිබේ.
ටෙනිස් සංගමයේ ව්‍යවස්ථාවේ දිසුවී ඇතැයි කියන නව සංශෝධන වලට අනුව එහි විධායක සභාවේ නොවන සාමාජිකයකුට වුවද ඔලිම්පික් කමිටුවේ නිලවරණයට ඉදිරිපත්වීමේ හැකියාව ඇතැයි එහිදී සිල්වා මහතා විරෝධතාවයට එරෙහිව කරුණු දක්වමින් පෙන්වාදී තිබේ.
කෙසේවුවත් විමර්ෂණ කමිටුව ලබාදුන් වාර්තාවට අනුව එම කරුණු සාධාරණව ඔප්පු කර නොමැති බැවින් මැක්ස්වල් ද සිල්වා මහතාගේ නාමයෝජනාව ප‍්‍රතික්ෂේප කිරීමට නිර්දේශ කර ඇතැයි ද වැඩි දුරටත් වාර්තා වේ.
මේ අතර ක‍්‍රීඩා ඇමැතිවරයා සහ ඔලිම්පික් කමිටුවේ නියෝජිතයන් පිරිසක් අතර පෙරේදා පැවැති සාකච්ඡුාවකින් පසු දෙපාර්ශවය අතර අර්බුදයට තුඩුදී තිබෙන ක‍්‍රීඩා පනතේ නව වගන්ති කීපයක් සංශෝධනය කිරීමට ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා එකඟ වූ බව ද වාර්තා වේ.
ඒ අනුව ඔලිම්පික් කමිටු විධායක සභා රැස්වීමට ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ නිරීක්‍ෂකයකුගේ මට්ටමින් පමණක් සහභාගි කිරීමට ඔලිම්පික් කමිටුව එකඟ වී තිබෙන බව දැනගන්නට ඇත.
ඒ අතර ඔලිම්පික් කමිටුවේ වියදම් වාර්තා රජයේ විගණකාධිපතිවරයා ලවා විමර්ෂණය කිරීමට ක‍්‍රීඩා අමාත්‍යංශය ගෙන තිබෙන තීරණය දේශපාලන බලපෑමක් යැයි කළ ප‍්‍රකාශය ඉල්ලා අස්කර ගැනීමට ඔලිම්පික් කමිටු නියෝජිතයන් මෙම සාකච්ඡුාවේදී එකඟ වී තිබෙන බවත් වාර්තා වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.