Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports මේස පන්දු සම්මේලනයේ මුල්පුටුව රජිව්ට

මේස පන්දු සම්මේලනයේ මුල්පුටුව රජිව්ට

සංජය එරමුදුගොඩ - 2015 මැයි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ ටොරින්ටන් පෙදෙස කී‍්‍රඩා විද්‍යායතනයේදී පැවැති ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ මහ සභා රැස්වීම සහ නිලවරණයේදී සභාපති ධූරය සඳහා හිටපු සභාපතිවරයකු වන රජීව් විජේතුංග මහතා නිතරගයෙන් පත්විය.

සංගමයේ ලේකම් ධූරය සඳහා ඡන්දයක් පැවැති අතර වැඩි ඡන්ද 13 කින් රුවන් අධිකාරි මහතා පරාජය කළ කසුන් උදාර මහතා ලේකම් ධූරයට තේරී පත්විය.

එහිදී කසුන් උදාර මහතාට පක්ෂව ඡන්ද 26 ක් ලැබී තිබූ අතර රුවන් අධිකාරි මහතාට පක්ෂව ලැබී තිබුණේ ඡන්ද 13 ක් පමණි.

උප ලේකම් ධූරය සඳහාද නාමයෝජනා භාරදී සිටි කසුන් උදාර මහතා, ලේකම් ධූරයට පත්වීම නිසා ඔහු සමග උප ලේකම් ධූරය තරග සඳහා කිරීමට සිටි කසුන් පුංචිහේවා මහතා නිතරගයෙන් එම ධූරයට පත්විය.

උප සභාපති ධූර 8 ක් සඳහා නාමයෝජනා 38 ක් ලැබී තිබුණද, ඉන් 30 ක්ම ප‍්‍රතික්ෂේප වීම නිසා උප සභාපතිවරු 8 දෙනාද නිතරගයෙන් පත්විය.

සමන් හේවගේ මහතා (ඡන්ද 6) වැඩි ඡන්ද 6 කින් පරාජය කළ එම්. පේ‍්‍රමදාස මහතා (ඡන්ද 12) භාණ්ඩාගාරික ධූරය සඳහා තේරී පත් වූ අතර නිස්සංක සිංහබාහු මහතා (ඡන්ද 1) වැඩි ඡන්ද 11 කින් පරාජය කළ ඩබ්. ජී. ජී. ප‍්‍රභාත් මහතා (ඡන්ද 12) උප භාණ්ඩාගාරික ධූරය සඳහා තේරී පත්විය.

සංගමයේ විධායක සභාව සඳහා කී‍්‍රඩා සංගම් 25 ක් අතරින් සංගම් 20 ක් තොරාගැනුන අතර ඉන් 19 ක් ඡන්දයකින්ද, පාසල් මේසපන්දු සංගමය නිතරගයෙන්ද විධායක සභාවට තේරී පත්විය.

එම ඡුන්දයේදී අඩු ඡන්ද ලබා ගැනීම නිසා කොළඹ තරුණ කි‍්‍රස්තියානි සංගම් කී‍්‍රඩා සමාජයට (ඡන්ද 14), ‘ටිබා’ කී‍්‍රඩා සමාජයට (ඡන්ද 13), ‘ෆ්‍රෙන්ඞ්ෂිප්’ කී‍්‍රඩා සමාජයට (ඡන්ද 11), ‘අයි. ඇන්ඞ් ඞී.’ කී‍්‍රඩා සමාජයට (ඡන්ද 9) සහ ‘විමෙන්ස් වර්කිං ගෘප්’ කී‍්‍රඩා සමාජයට (ඡන්ද 6) විධායක සභාවට තේරී පත්වීමට තිබූ අවස්ථාව අහිමි වී ගියේය.


මේසපන්දු සංගමයේ නව නිලධාරී මණ්ඩලය

සභාපති -: රජීව් විජේතුංග මහතා
ලේකම් -: කසුන් උදාර මහතා
උප සභාපතිවරු :- තිළිණ හේරත් මහතා, මනුර ප‍්‍රනාන්දු මහතා, වසන්ත ද සිල්වා මහතා, අජිත් වික‍්‍රමනායක මහතා, විමර්ෂණ ගම්මන්පිල මහතා, බී. එන්. අබේසේන මහතා, අශෝකමාලා තෙන්නකෝන් මහත්මිය, වජිරා පේ‍්‍රමරත්න මහත්මිය
උප ලේකම් -: කසුන් පුංචිහේවා මහතා
භාණ්ඩාගාරික :- එම්. පේ‍්‍රමදාස මහතා
උප භාණ්ඩාගාරික -: ඩබ්ලිව්. ජී. ජී. ප‍්‍රභාත් මහතා

 


අදහස් (0)

මේස පන්දු සම්මේලනයේ මුල්පුටුව රජිව්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.