ඉන්දියාවේ පැවැත්වෙන 12 වැනි දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ
මේස පන්දු තරගාවලියේදී පිරිමි කණ්ඩායම් ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ සමත්වුහ. කාන්තා කණ්ඩායම් මේස පන්දු ඉසව්වේ ලෝකඩ පදක්කම ද ශ‍්‍රී ලංකාවට හිමිවිය.
ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැති පිරිමි කණ්ඩායම් ඉසව්වේ අවසන් තරගයෙන් ඉන්දියාව තරග 3-0 ක ජයක් ලබා රන් පදක්කම දිනා ගත්තේය. උදය රණසිංහ, රොහාන් සිරිසේන සහ නිර්මල ජයසිංහ රිදී පදක්කම් ලාභී ශ‍්‍රී ලංකා මේස පන්දු කණ්ඩායමට ඇතුළත් වුහ,
මේස පන්දු කාන්තා කණ්ඩායම් ඉසව්වේ අවසන් පුර්ව වටයේදී පාකිස්තානය හමුවේ තරග 3-2 ක පරාජයක් ලබා ශ‍්‍රී ලංකා කණ්ඩායම ලෝකඩ පදක්කම ලැබීය.
-090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.