|
|
අම්බලන්ගොඩ මාදම්පා මධ්‍ය මහා විද්‍යාලයීය කී‍්‍රඩා මණ්ඩලය පස් වැනි වරටත් සංවිධානය කරනු ලබන අන්තර් පාසල් කිලෝ මීටර් දෙකේ මුහුදු පිහිනුම් තරගය මෙම 31 දින පෙරවරුවේ මාදම්පාගම උස්මුදුලාව මංසන්දියේ මුහුදු තිරයේදී පැවැත්වෙයි.
පාසල් සිසුන්ට පමණක් සීමාවන ලංකාවේ එකම මුහුදු පිහිනුම් තරග මෙය බවත් ඕනෑම පාසලක ඉගෙනුම ලබන වයස අවුරුදු විසි එකට අඩු කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට තරගයට ඉදිරිපත් විය හැකි බවත් සංවිධායකයෝ කියති.
අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතියෙන් පවත්වන මෙම තරගය විනිශ්චය කරනු ලබන්නේ ශී‍්‍ර ලංකා පාසල් ජල කී‍්‍රඩා සංගමය, අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ කී‍්‍රඩා ගුරුවරුන් සහ දකුණු පළාත් කී‍්‍රඩා උපදේශකයන් විසිනි.
ශී‍්‍ර ලංකා නාවික හමුදාව, වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ පොලිස් ජීවිතාරක්ෂක ඒකක නිලධාරීහු තරගයට ඉදිරිපත් වන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගේ ආරක්ෂාවට ඉදිරිපත්ව සිටිති.
දුර බැහර පළාත්වලින් පැමිණෙන කී‍්‍රඩක කී‍්‍රඩිකාව්න්ට නවාතැන් පහසුකම් සහ කෑම බීම නොමිලේ සැපයීමට කටයුතු යොදා ඇති බවද සංවිධායකයෝ කීහ. තරගය සදහා ඉදිරිපත් වීමට කැමති අය පහත දුරකථනවලට අමතන ලෙස ද සංවිධායකයෝ ඉල්ලා සිටිති.
මාදම්පා මධ්‍ය මහා විද්‍යාලය - 091 2256188 නියෝජ්‍ය විදුහල්පති - 071 4427269
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.