Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports මාධ්‍යවේදීන්ට යළිත් කුඩම්මාගේ සැලකිල්ල

මාධ්‍යවේදීන්ට යළිත් කුඩම්මාගේ සැලකිල්ල

දිලිනි මල්රුක්ෂි - 2013 නොවැ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු වයස 16 න් පහළ කාන්තා පැසිපන්දු තරගාවලිය ආවරණය කිරීමට කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයට ගිය මාධ්‍යවේදීන්ට ඒ සඳහා අවශ්‍ය අවම පහසුකම්වත් සපයාදී නොතීබීම හේතුවෙන් ඔවුහූ දැඩි අපහසුතාවට පත්වූහ.

ඞී. ජේ. සංගීත කණ්ඩායමට, සංවිධායක මණ්ඩලයට, හදිසි ප‍්‍රතිකාර අංශයට සහ තව තවත් විවිධ අංශ සඳහා කී‍්‍රඩාගාරයේ ස්ථාන වෙන්කර තිබුණද මෙවැනි ජාත්‍යන්තර තරගාවලියකදී එය ආවරණය කිරීමට පැමිණෙන මාධ්‍යවේදීන්ට ඉදගැනීමට පවා කිසිදු ස්ථානයක් වෙන්කර නොතිබීම ඉතා කණගාටුවට කරුණකි.

මේ හේතුවෙන් පැමිණි මාධ්‍යවේදීන්ට ඒක් ස්ථානයක නොරැුදී විවිධ ස්ථාන වල සිට තම ආවරණ කටයුතු කිරීමට සිදුවූ අතර ඇතැම් විදේශීය මාධ්‍යවේදීන් සිය ජංගම පරිගණක අතේ තබාගෙන කටයුතු කරනු දක්නා ලදි.

මීට පෙර පැවැති සෙරන්ඩිබ් කුසලාන රග්බි තරගාවලියේදීද එම තරග වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීහු අවශ්‍ය මූලික පහසුකම් හෝ නොතිබීම නිසා දැඩි අපහසුතාවට පත්වූහ.


අදහස් (0)

මාධ්‍යවේදීන්ට යළිත් කුඩම්මාගේ සැලකිල්ල

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.