නොවැම්බර් 1 සහ 2 දිනවල ඉන්දුනීසියාවේ සුමාත‍්‍රා දූපත් වලදී පැවැත්වීමට නියමිත ආසියානු මවුන්ටන් පාපැදි ශූරතාවලිය සඳහා ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් පාපැදි කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට ශ‍්‍රී ලංකා පාපැදි සම්මේලනය සහ මවුන්ටන් පාපැදි සංගමය තීරණය කර තිබේ.
ඒ සඳහා ජාතික සංචිතය තෝරාගැනීමේ තේරීම් තරගාවලියක් මේ මස 26 වැනිදා පෙරවරු 8.00 සිට පැවැත්වීමට නියමිතය.
එහි කනිෂ්ඨ කාණ්ඩය සඳහා 1996 වසරේ සහ 1997 වසරේ උපත ලද ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට පමණක් ඉදිරිපත් විය හැකි අතර වයස සහ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා ජාතික හැඳුනුම් පත හෝ පිළිගත හැකි වෙනත් ලියවිල්ලක් ඉදිරිපත් කළ යුතුය. තේරීම් තරගයේ ජ්‍යෙෂ්ඨ කාණ්ඩය (සුපිරි කාණ්ඩය) සඳහා 1995 වසරේ සහා ඊට පෙර වසර වලදී උපත ලද කාන්තා සහ පිරිමි දෙපාර්ශවයටම ඉදිරිපත් විය හැකිය.
කාලය මැනීමේ තරගයේදී සහ රට හරහා තරගයේ දක්වන දක්ෂතා මත ශ්‍රී ලංකා සංචිතයට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ඇතුළත් කරගනු ලබන අතර අපේක්ෂිත පරිසාධන මට්ටමට ලගාවීමට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් අපොහොසත් වන්නේ නම් අදාළ කාණ්ඩය සඳහා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් තෝරාගනු නොලැබේ.
මෙම තේරීම් තරග සඳහා ඉදිරිපත් විය හැක්කේ මවුන්ටන් පාපැදි වලින් පමණක් වන අතර මවුන්ටන් පාපැදි සංගමයේ සභාපති අමල් සුරියගේ (0777 881650), බලඝණ නායක සුජීවන් සේනාරත්න (0772229213) සහ උපාලි රත්නායක (0773997170) යන මහත්වරුන් හෝ සීතා කුමාරි ජයකොඩි මහත්මිය (0776941238) ඇමතීමෙන් මේ පිළිබඳ වැඩිදුර විස්තර දැනගත හැකිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.