තුම්මුල්ල ගුවන් හමුදා සෞඛ්‍ය කළමනාකරන මධ්‍යස්ථානයේදී පැවැති ගුවන් හමුදා අන්තර් ඒකක මල්ලවපොර තරගාවලියේ පිරිමි ශූරතාව දිනාගැනීමට කොළඹ ගුවන් හමුදා කඳවුර සමත් විය. රත්මලාන ගුවන් හමුදා මූලික කඳවුර කාන්තා ශූරතාවට හිමිකම් කීවේය.
හිගුරක්ගොඩ ගුවන් හමුදා මූලික කඳවුර තරගාවලියේ පිරිමි අනුශූරතාව හිමිකරගත් අතර ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල කාන්තා අනුශූරතාව හිමිකරගත්තේය.
තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා ලෙස රත්මලාන ගුවන් හමුදා මූලික කඳවුරේ නායක ගුවන් භට ජේ. එම්. ප‍්‍රසංග සම්මාන දිනාගත් අතර දක්ෂතම කී‍්‍රඩිකාව ලෙස කොළඹ ගුවන් හමුදා කඳවුරේ ගුවන් කාන්තා එස්. ඒ. දෙව්මිණි සම්මාන දිනා ගත්තාය.
මෙම අවස්ථාවට ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා සහභාගී විය. ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලයල ගුවන් හමුදා මල්ලවපොර සංචිතයේ සභාපති එයාර් කොමදෝරු ප‍්‍රියන්ත වීරසිංහ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්ද ඊට එක් වූහ.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.