ශ්‍රී ලංකා බොක්සිං තීරක හා විනිසුරු සංගමය සංවිධානය කරන නව තීරකවරුවන් සහ විනිසුරුවන් බඳවා ගැනීම සඳහා වන පුහුණු පාඨමාලාවක්, අදියර දෙකකින් මහනුවර මාස් ලීනියා ඇගලූම් ආයතනයේදී පැවැත්වීමට නියමිතය.
එහි පළමු අදියර ජනවාරි මස 28 වැනිදා සිට 31 වැනිදා දක්වාත්, දෙවැනි අදියර පෙබරවාරි මස 25 වැනිදා සිට 28 වැනිදා දක්වාත් නේවාසික පුහුණු කඳවුරු ලෙස පැවැත්වේ. මාර්තු මාසයේදී මෙහි ලිඛිත පරීක්ෂණය පැවැත්වෙන අතර ඉන් සමත්වන අයවලූන් පමණක් ප‍්‍රායෝගික පුහුණුවීම් සඳහා තෝරාගැනේ.
වයස අවුරුදු 25 ට වැඩි, දැනට කි‍්‍රයාකාරී බොක්සිං පුහුණුකරුවන් නොවන අයවලූන්ට මෙම පාඨමාලාව සඳහා අයදුම් කළ හැකි අතර බොක්සිං කී‍්‍රඩාවේ නියැලී සිටි අයවලූන් වීම විශේෂ සුදුසුකමක් ලෙස සැලකේ. වෙනත් කී‍්‍රඩාවල යෙදී ඇති අයටද මෙම පුහුණු පාඨමාලාව සඳහා අයදුම් කල හැක.
සියලූම අයැදුම්පත් මේ මස 31 වැනිදාට පෙර, කපිතාන් ආර්. කේ. ඉන්ද්‍රසේන, අංක 528/2, සපුගස්කන්ද පාර, ගෝනවල, කැළණිය’ යන ලිපිනයට යොමුකිරීමෙන් මෙයට සහභාගීවිය හැක.
පාඨමාලාව සඳහා සම්මුඛ පරීක්ෂණයෙන් තෝරාගන්නා අයදුම්කරුවන් පාඨමාලා ගාස්තු වශයෙන් රුපියල් 5000 ක් එදින සංගමයේ භාණ්ඩාගාරික වෙත ගෙවිය යුතුය. වැඩිදුර විස්තර දුරකථන අංක 077 2441982 ඇමතීමෙන් දැනගත හැක.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.