Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports බොක්සිං තරග තීරක - විනිසුරු පාඨමාලාවක්

බොක්සිං තරග තීරක - විනිසුරු පාඨමාලාවක්

සංජය එරමුදුගොඩ - 2014 පෙබ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බොක්සිං තරග තීරකවරයකු ලෙස හෝ විනිසුරුවරයකු ලෙස බොක්සිං තරග තීරක වරුන්ගේ සහ විනිසුරුවරුන්ගේ සංගමයට සම්බන්ධවීමට කැමති පුද්ගලයින් සඳහා පුහුණු පාඨමාලාවක් පැවැත්වීමයට ශ්‍රී ලංකා බෝක්සිං සංගමයට අනුබද්ධිත ආයතනයක් වන ශ්‍රී ලංකා බොක්සිං තරග තීරකවරුන්ගේ සහ විනිසුරුවරුන්ගේ සංගමය කටයුතු සූදානම් කර තිබේ.

වයස 21 ට වැඩි අයවලූන්ට සහ මෑතකදී පුහුණුවීම් කටුයුතු වලට සම්බන්ධ නොවූ පුහුණුකරුවන්ට මෙම පාඨමාලාව සඳහා සහභාගීවිය හැක.

අයදුම්පත් භාරගැනීම 25 වැනිදායින් අවසන් වන අතර පාඨමාලාවට සහභාගීවීමට අවශ්‍ය අයදුම්කරුවන්ට ලේකම්, ශ්‍රී ලංකා බොක්සිං තරග තීරකවරුන්ගේ සහ විනිසුරුවරුන්ගේ සංගමය, නො. 528/2, සපුගස්කන්ද පාර, ගෝනවල, කැලණිය යන ලිපිනයට අයදුම්පත් යොමු කළ යුතුය.

තෝරාගන්නා ලද අයදුම්කරුවන් පමණක් සම්මුඛ පරීක්ෂණයට කඳවන අතර පාඨමාලා ගාස්තුව රුපියල් 5,000 කි.

- 036

 


අදහස් (0)

බොක්සිං තරග තීරක - විනිසුරු පාඨමාලාවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.